ශිල්ප සේනා ප්‍රදර්ශනයේ දෙවන අදියර සැප්තැම්බර් මාසයේදී පොළොන්නරුවේදී දවස් 05ක් පුරා පැවැත්වීමට කටයුතු කරන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ( කැබිනට් නොවන) ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල සෙත්සිරිපාය විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේදී පසුගියදා (02) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේ ද කීය.
ශිල්ප සේනා ප්‍රදර්ශනයේ තුන්වන අදියර සැප්තැම්බර් අගදී මහනුවරදී ද එහි හතරවන ප්‍රදර්ශනය ඔක්තෝම්බර් මාසයේදී ඇඹිලිපිටියේදී ද පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ සියලු සැලසුම් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා. මේ හරහා සාමාන්‍ය ජනතාව , පාසල් දරුවන් අතර විද්‍යාව තාක්ෂණය ප්‍රචලිත කිරීමටත් , විද්‍යාව තාක්ෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් , නව නිපැයුම්වලට වෙළෙඳ වටිනාකම් ලබාදීමටත් හැකි වෙනවා.
කොළඹදී පසුගියදා පැවැත්වූ මේ ප්‍රදර්ශනයේදී ප්‍රතිචාර රැසක් අපට ලබාගැනීට හැකි වුණා. එම ප්‍රදර්ශනය ට ලක්ෂ 07කට අධික ප්‍රමාණයක් සහභාගි වීමටත් අවස්ථාව ලැබුණා. ත්‍රිවිධ හමුදාව සඳහා 500 කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමටත් , විද්‍යාව තාක්ෂණය පිළිබඳව දැනුමක් ලබාගැනීමටත් අවස්ථාව උදා වුණා.
විශේෂයෙන්ම අඩු මුදලක් වැය කරමින් ප්රතිලාභ රැසක් ලබාගැනීමටත් , ජනතාවගේ ඉල්ලුම නිසා ප්‍රදර්ශනය දින තුනකට සීමා නොවී දින 05ක් දක්වා පැවැත්වීමට දින දීර්ඝ කිරීමටත් කටයුතු කළා.
චන්දිමා කරුණාරත්න
ඡායාරූපය - ශාන් රඹුක්වැල්ල
නව අදහස දක්වන්න