ත්‍රිකුණාමල නාවික කඳවුරේ plastic බෝතල් ප්‍රතිචක්‍රීකරණයට කොකාකෝලා සහාය | දිනමිණ

ත්‍රිකුණාමල නාවික කඳවුරේ plastic බෝතල් ප්‍රතිචක්‍රීකරණයට කොකාකෝලා සහාය

PET ප්ලාස්ටික් ඇසුරුම් වගකීම් සහගතව බැහැර කිරීම සහ ඊට සමගාමීව ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීමට කැපවෙන කොකාකෝලා බේවරේජ් ශ්‍රී ලංකා සමාගම (CCBSL) මෑතකදී තවත් පියවරක් ඉදිරියට තැබීය. නාවික හමුදාව විසින් තම නැව්තටාකාංගන ආශ්‍රිත ප්‍රදේශයන් “green and blue domain” එකක් ලෙස පිරිසිදුව තබාගැනීමේ ව්‍යාපෘතියට සමගාමීව කොකාකෝලා ආයතනය සිය‘Give Back Life’ ප්ලාස්ටික් එකතුකිරීමේ භාජන ඔවුන් වෙත බෙදාදීම සිදුකළේය.

මුළු ශ්‍රී ලංකාව පුරාම විසිරී ඇති PET ඇසුරුම් එකතුකරමින් ඒවා නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතියට මුලපුරා සිටින කොකාකෝලා සමාගම එම කාර්යයට උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන් සමඟ ඒකාබද්ධ වෙමින් උපායමාර්ගික වැදගත්කමක් ඇති ස්ථාන ව‍‍‍ල Give Back Life ප්ලාස්ටික් එකතුකිරීමේ භාජන ස්ථාපිත කිරීමට කටයුතු කරයි.

මෙම පූර්වාදර්ශී ක්‍රියාවලිය මඟින් PET ප්ලාස්ටික් හැකිතරම් එකතුකරගනිමින් සහ ඒවා Eco Spindles පෞද්ගලික සමාගම වෙත භාරදී ප්‍රතිචක්‍රීකරණයට ලක්කිරීම මඟින් කිසිදු වටිනාකම් නැතිව ඉවත දැමූ PET ප්ලාස්ටික් ඇසුරුම් කොසු, බුරුසු සහ යාන් නූල් ආදී පාරිභෝගික වැදගත්කමක් ඇති භාණ්ඩ බවට පරිවර්තනය කරයි. මෙම ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාවේ ජීවන රටාවට අලුත් මුහුණුවරක් එක් කරන අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අභිවෘද්ධියට මනා රුකුලක් වේ.

 

නව අදහස දක්වන්න