රතන හිමිගේ ඉල්ලීම්: ඇමැති පාඨලී ජනපති හමුවෙයි | දිනමිණ

රතන හිමිගේ ඉල්ලීම්: ඇමැති පාඨලී ජනපති හමුවෙයි

රතන හිමිගේ ඉල්ලීම් ගැන ඇමැති චම්පික රණවක මහතා ජනපති සමඟ සාකච්ඡාවක නිරත වූ බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එමෙන්ම ඇමැති පාඨලී චම්පික රණවක මහතා සිය දේශපාලන ගමනේ ප්‍රමුඛ සටන් සගයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් බැහැදැක සුවදුක් විමසා, උන් වහන්සේගේ අධිෂ්ඨානය ජය ගැනීම උදෙසා ශක්තියක් වෙමින් ඊයේ (03) උදෑසන මහනුවර දළඳා මාළිඟා පරිශ්‍රය වෙතද පැමිණියේය.

 උන් වහන්සේ බැහැදැකීමට ප්‍රථම ඇමැතිවරයා පෙරේදා (02) අතුරලියේ රතන හිමියන්ගේ උපවාසය පැවැත්වීමට හේතු වී ඇති කරුණ සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර ඇත. එහි දී පාඨලී චම්පික රණවක ඇමැතිවරයා පවසා ඇත්තේ, මේ අවස්ථාවේ දී රතන හිමිගේ සහ පොදුවේ සමස්ත රටේම ඉල්ලීම ඉටු කිරීම අත්‍යාවශ්‍ය වී ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාරයක් අපේක්‍ෂා කරන බව ද ඇමැති චම්පික රණවක මහතා පැවසීය.

නව අදහස දක්වන්න