මධුෂ්ගෙන් ප්‍රශ්න කරන්න විශේෂ පොලිස් කණ්ඩායමක් | දිනමිණ

මධුෂ්ගෙන් ප්‍රශ්න කරන්න විශේෂ පොලිස් කණ්ඩායමක්

විජයානි එදිරිසිංහ‍

රුපියල් බිලියන ගණනක වටිනාකමකින් යුත් මත්කුඩු ටොන් විශාල ප්‍රමාණයක් අඩංගු කන්ටේනර් ගණනාවක් මෙරටට ගෙන ඒ ම සම්බන්ධයෙන් චෝදනා එල්ල වි ඇති මාකදුරේ මධුෂ් ගෙන් ප්‍රශ්න කිරිම පිණිස පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් විශේෂ කණ්ඩායමක් පත් කර ඇති අතර තවත් දින කිහිපයකින් එම ප්‍රශ්න කිරිම් ආරම්භ කිරිමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය කාලයේ දි මත්කුඩු ටොන් ගණන් අඩංගු හෙරොයින් , කොකේන්, කන්ටේනර් දහයකට ආසන්න ප්‍රමාණයක් විශේෂ කාර්ය බළකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, රේගුව නාවික හමුදාව යුද්ධ හමුදාව , සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගනු ලැබිණි.

මෙම මත්කුඩු තොග මෙරටට එවිමේ ජාවාරම පිටුපස මාකදුරේ මධුෂ් සිටින බවට තොරතුරු හෙළිදරව් කරගෙන සිටි අතර බුද්ධි අංශ මගින්ද අත් අඩංගුවට ගන්නා ලද මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මගින්ද ජාත්‍යන්ත්ර ඔත්තු සේවා සහ බුද්ධි තොරතුරු මගින්ද හෙළි දරව් වි තිබුණි

ඒ අනුව මේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මධුෂ් ගේ සම්බන්ධතාවයක් ඇති බවට ඔහුට එල්ල වි ඇති චෝදනා මත අවස්ථා කිහිපයකදිම අධිකරණ මගින් ඔහු අත් අඩංගුවට ගැනිම පිණිස නිල් නිවේදනද යවා තිබු බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

තවද මේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සහ ඒ ආකාරයෙන් මෙරටට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය මෙරට පුරා බෙදා හරිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මදුෂ් ගේ සංවිධානාත්මක කණ්ඩායමක් මගින් සිදු කර ගෙන යන බවටද පොලිසිය මගින් තොරතුරු හෙළිදරව් කර ගෙන තිබුණි.

ඒ යටතේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් තිබු මදුෂ් ගේ ගෝලයන් ගණනාවක් පසුගිය කාලයේදි විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගනු ලැබු අතර තවත් කිහිප දෙනකු ඝාතනයට ලක්වි තිබුණි.

එහිදි විශේෂයෙන් විශේෂ කාර්ය බළකාය මගින් හෙළි කරගෙන තිබුනේ මදුෂ් ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ වැඩි ක්‍රියාවලියක් වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවන් හරහා සිදු වෙමින්පැවැති බවයි.එම ජාවාරමට සම්බන්ධ පිරිස සමග මදුෂ් දුරකතනයෙන් සම්බන්ධ වන බවටත් එසේ සම්බන්ධ වි ඇත්තේ සැටලයිට් දුරකතන ඔස්සේ බවටත් මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ මුදල් ගණුදෙනු ඊෂි කැෂ් සහ මුන්ඩියල් ක්‍රමය ඔස්සේත් සිදු කරන බවට ද තොරතුරු හෙළිදරව් වෙමින් තිබිණි

ඒ අනුව මාකදුරේ මදුෂ් විසින් ජාත්‍යන්තරයේ සිට මෙරට ට මත්ද්‍රව්‍ය ගෙනවිත් ඒවා රටපුරා බෙදා හරිමින් මෙම ජාවාරම සංවිධානාත්මකව කර ගෙන ගොස් ඇති තොරතුරු මත ඒවාට ඇති සම්බන්ධතාවය සම්බන්ධයෙන් මදුෂ් විසින් දක්වන ප්‍රතිචාරය ගැන තොරතුරු අනාවරණය කර ගැනිම පිණිස මෙසේ මදුෂ් ගෙන් ප්‍රශ්න කිරිම සිදු කරනු ලබයි.

මදුෂ් අතුළු ඩුබායි අත් අඩංගුවේ සිටි පිරිස සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත් විම අධික්ෂණය කිරිම පිණිස පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇත.

ඔවුන්ගේ තිරණයට අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මදුෂ් ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයත් මදුෂ්ට එල්ල වි ඇති මිනි මැරුම් සහ වෙනත් සංවිධානාත්මක අපරාධ සම්බන්ධ යෙන් ප්‍රශ්න කිරිම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද සිදු කිරිමට තිරණය කර තිබුණි.

ඒ අනුව මදුෂ්ට ඇති එම චෝදනාවලට අදාල පොලිස් වාර්තා ඊට අදාල පොලිසිවලින් කැදවා තිබුණි. මේ වන විට පොලිසි කිහිපයකින් පමණක් එම වාර්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා තිබේ.

දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ත්‍රස්තවාදි ක්‍රියාවන්වලට අදාළ අත් අඩංගුවට ගෙන සිටින පිරිස සම්බන්ධ ප්‍රශ්න කිරිමවලට යොමු වි එම සැකකරුවන් හැටකට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන එම පරික්ෂණ අවසන් කිරිමට කටයුතු කර ගෙන යන බැවින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මදුෂ් ගෙන් ප්‍රශ්න කිරිමෙන්පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මදුෂ්ගෙන් ප්‍රශ්න කිරිම බොහෝ විට සිදු විමට ඉඩ ඇති බව එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය.

නව අදහස දක්වන්න