බෙදුම්වාදය තහනම් - FACE BOOK | දිනමිණ

බෙදුම්වාදය තහනම් - FACE BOOK

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා 'සුදු ජාතිකවාදය සහ බෙදුම්වාදය අගය කිරීම්, ඊට සහය පළ කිරීම සහ එම මතවාදය නියෝජනය කිරීම' අවහිර කරන බව ෆේස්බුක් සමාගම පවසයි.

"ත්‍රස්තවාදී කණ්ඩායම්" විසින් පළ කරනු ලබන අදහස් හඳුනා ගැනීමට ඇති හැකියාව වර්ධනය කර ගැනීමට සහ ඒවා අවහිර කරන බවට සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ෆේස්බුක් සමාගම ප්‍රතිඥා දී ඇත.

ප්‍රකෝපකාරී යෙදුම් සොයන (Search) ෆේස්බුක් භාවිත කරන්නන් අන්ත දක්ෂිණාංශිකත්වයට එරෙහිව සටන් කරන ස්වේච්ඡා සංවිධානයක් වෙත යොමු කිරීමට මේ අනුව පියවර ගනු ඇත.

නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකක් වෙත එල්ල කළ වෙඩි ප්‍රහාර සජීවීව විකාශය කිරීමත් සමග ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත වෙත පීඩනයක් එල්ල විය.

ජාතිවාදී අදහස් යැයි තමන් විසින් නොසලකනු ලබන ඇතැම් සුදු ජාතිකවාදී අදහස් ප්‍රකාශ කිරීමට ෆේස්බුක් මීට ඉහතදී අවස්ථාව දී තිබිණි.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න