ලිඳුල තලවකැලේ නගර සභාවේ බලය එජාපයට | දිනමිණ

ලිඳුල තලවකැලේ නගර සභාවේ බලය එජාපයට

චන්ද්‍රිකා පෙරේරා

ලිඳුල තලවකැලේ නගර සභාව එක්සත් ජාතික පක්ෂ නගර සභාවක් ලෙස ඉකුත් 12 දා බලය අත්කර ගන්නා ලදී.

එහිදී නුවරඑලිය දිස්ත්‍රික්කයේ ලිඳුල තලවකැලේ නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුළු මන්ත්‍රීවරු දස දෙනකු එදින එක්සත් ජාතික පක්ෂයට එක් වීම හේතුවෙන් එහි බලය එජාපයට හිමිවීම සිදු විය.

මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත ඇමැති නවින් දිසානායක මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ. ඒ අනුව ලිඳුල නාගරික මන්ත්‍රීවරුන් මෙසේ එක්වීමෙන් ලිඳුල තලවකැලේ නගරසභාව එක්සත් ජාතික පක්ෂ නගර සභාවක් ලෙස පිහිටුවමින් ඉදිරියට පවත්වාගෙන යන බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පෙන්වා දුන්නේ ය.

 

නව අදහස දක්වන්න