නයිජීරියාවේ කල්ගිය ජනපතිවරණයට දින දෙයි | දිනමිණ

නයිජීරියාවේ කල්ගිය ජනපතිවරණයට දින දෙයි

නයිජීරියාවේ ජනාධිපතිවරණය පෙබරවාරි 23 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
 
එය, පසුගිය සෙනසුරාදා ආරම්භවීමට නියමිතව තිබුණ ද මැතිවරණය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර හදිසියේ කල්දමනු ලැබීය. මැතිවරණය කල් දමමින්, එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේ මැතිවරණය පැවැත්වීම සඳහා නිසි වාතාවරණයක් නොමැති බවයි.
 
ඒ සම්බන්ධයෙන් විශාල ලෙස නයිජීයානු රජයට චෝදනා එල්ල විය. 
 
මැතිවරණය සඳහා කෝටි 8ක පමණ පිරිසක් තමන් මනාපය කිරීමට සූදානමින් සිටියද, මැතිවරණය කල් දැමීම නිසා, දැඩි ජනතා විරෝධයක් ද නයිජීරියානු රජයට එල්ල විය.

නව අදහස දක්වන්න