කුරුමිණියන් ඇල්ලු චීන ජාතිකයන් 02 ක් මාට්ටු | දිනමිණ

කුරුමිණියන් ඇල්ලු චීන ජාතිකයන් 02 ක් මාට්ටු

 
ලෝක උරුමයක් වු හොර්ටන් තැන්න ජාතික උද්‍යානයේ කුරුමිණියන් විශේෂයක් ලඟ තබාගත් චින ජාතික දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම කුරුමිණි විශේෂයක් අල්ලා රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේ අද (18) උදැසන සැකපිට අත්අඩංගුවට ගත් බවයි හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු පි. කේ. පි. එන්. ප්‍රදිප්කුමාර පවසන්නේ.
 
මෙම චින ජාතිකයන් දෙදෙනා හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානයට සංචාරයක් ලෙස පැමිණ මෙම කුරුමිණි විශේෂය අල්ලා රැගෙන යාමට උත්සහ කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කල බව ඔහු කියා සිටි. ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. කුරුමිණියන් දස දෙනෙකු පමණ අල්ලා සිය බැගය තුල සගවාගෙන සිටි ඇත.
 
හොර්ටන් තැත්න ජාතික වන උද්‍යානය තුල විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක්ද දියත් කර ඇති බව ප්‍රදිප් කුමාර මහතා පැවසයි.

නව අදහස දක්වන්න