ගංජා රැගෙන සිරිපා කරුණාවට ආ 7ක් දැලේ | දිනමිණ

ගංජා රැගෙන සිරිපා කරුණාවට ආ 7ක් දැලේ

පසුගිය දිනයක දී කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයේ කළුගල දී මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි පුද්ගලයන් හත්දෙනකු අත්අඩංගුවට ගැනීමට ගිනිගත්හේන පොලීසිය සමත් විය. කොළඹ-හැටන් ප්‍රධාන මාර්ගයේ කළුගල පොලිස් මුරපොළ අසල දී ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් රැගෙන යන රථවාහන පරීක්ෂාවට ලක් කිරීමේදි තම ගමන් මළුවල සඟවා ගංජා මත් ද්‍රව්‍ය රැගෙන යමින් සිටි එම පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වූ බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කරන ලද එම පරීක්ෂාවේ දි පැපිලිවෙල ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයකු ළඟ තිබී ගංජා මිලි ග්‍රෑම් 820ක්ද, පොල්හේන ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයකු සතුව ගංජා මිලි ග්‍රෑම් 500ක් ද කැලණිය ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයකු සතුව තිබී ගංජා මිලි ග්‍රෑම් 740ක් ද අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරුවන් හත් දෙනා හැටන් දිසා විනිසුරු ජෙයරාම් චොක්සි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගංජා මිලි ග්‍රෑම් 7020ක් ශ්‍රී පාද වන්දනාවේ රැගෙන යමින් සිටි පුද්ගලයාට රුපියල් 6000ක්ද ගංජා මිලි ග්‍රැම් 500ක් රැගෙන යමින් සිටි පුද්ගලයාට රුපියල් 2500ක් ද අනෙක් සැකකරුවන් පස් දෙනාට රුපියල් 1500 බැගින් ද දඩ නියම කරන ලදී.

ගිනිගත්හේන විශේෂ ජී. ඒ. ගුණසේන

නව අදහස දක්වන්න