ජාවාරම්කරුවන්ගෙන් තරුණ තරුණියන් බේරා ගැනීමට ජපානයේ රැකියා නොමිලේ ලබාදීම ඇරැඹුවා | දිනමිණ

ජාවාරම්කරුවන්ගෙන් තරුණ තරුණියන් බේරා ගැනීමට ජපානයේ රැකියා නොමිලේ ලබාදීම ඇරැඹුවා

මිහිර විජේසේකර

ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසා ජාවාරම්කරුවන්, තරුණ තරුණියන් රවටා විශාල මුදලක් ගන්නා ලබා ගන්නා බවත් එවැනි ජාවාරම් කරුවන්ට හසු නොවී විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සකසා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විදුලි සංදේශ ඩිජිටල් යටිතළ පහසුකම් විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා හා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ අයි එම් [im] ආයතනය සමග එක්ව දිවයින පුරා ක්‍රියාත්මක “ජපන් තාක්ෂණික වෘත්තීය” වැඩසටහන යටතේ පැවති පුත්තලම දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩ වැඩසටහනට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

හලාවත විදෙස් සේවා නියුක්ති කාර්යංශයේ පුහුණු මධ්‍යස්ථානයේ දී මෙම වැඩසටහන පැවැත්විණි. මෙම වැඩසටහන යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබා ගන්නා තරුණයන්ට තරුණ තරුණියන් සඳහා රජය විසින් කිසිම මුදලක් අය නොකෙරේ. උසස් පෙළ විභාගයට පෙනී සිටී වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණයන් හට මේ සඳහා අයදුම් කළ හැකිය. සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගන්නා තරුණ තරුණියන් සඳහා ජපානයේ අයි එම් [im] ආයතනයේ අධික්ෂණය යටතේ විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් විසින් පුහුණු වැඩසටහන් පැවැත්වේ.

විදේශ රැකියා අමාත්‍යාංශය මගින් ලෝකයේ තියෙන සියලු රටවල රැකියා ඇබෑර්තු සොයාබලා අපේ රටේ පුහුණු දක්ෂ තරුණ තරුණියන්ට එම අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. පසුගිය කාලයේ සිදු වුණේ අපේ රටේ අම්මලා ගෘහ සේවිකාවන් හැටියිට ලෝකයට විකිණීමයි. අපි ඒ තත්ත්වයෙන් මිදෙන්න ඕනෑ. මව් පදවියට අපි ගරුක කරන්න ඕනෑ. ඔවුන් රටවල්වලට ගිහිල්ලා විවිධ අඩත්තේට්ටම් වලට හසුවෙනවා අවසානයේ ඇතැම් විට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වෙනවා. මෙම තත්ත්වයට තිත තැබීමේ අවස්ථාව උදාවෙලා තියෙන්නේ. මේ රටේ බොහෝ වෙලාවට කෙරෙන්නේ තරුණ තරුණියන්ව පාරට ඇද දාලා උද්ඝෝෂණවලට සම්බන්ධ කරගෙන රටේ කඩාකප්පල්කාරී වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමයි. තරුණ තරුණියන්ගේ අවශ්‍යතාව හඳුනාගෙන ඔවුන්ව යහ මගට යොමු කිරීම සහ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න තමයි අපි නිතරම උත්සාහ කරන්නේ.

අද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා. ජපානයට එමෙන්ම වෙනත් රටවල් වලට යවනව කියල සුරංගනා ලෝක මවලා තරුණ තරුණියන්ගෙන් විශාල මුදල් අයකරගෙන අතරමං කිරිම කිරීම්. විශේෂයෙන් තරුණ තරුණියන් මෙන්ම දෙවමාව්පියන් ද දැනගත යුතුයි මේ සුරංගනා ලෝකව වලට හසු නොවී නිවැරදි මාර්ගයේ ගමන් කර තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගන්න. ඒ සඳහා තමයි අපේ අමාත්‍යාංශය මගින් විදෙස් සේවා නියුක්ති කාර්යාංශය හරහා මෙවැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන්නේ. මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ජපානයේ අයි එම් [im] ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජෙ ්‍යෂ්ඨ සාමාන්‍යාකාරී කමල් අත්තනායක මහතා - මේ වන විට ජපානයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට උදාකර ගැනීමට හැකි වී තිබෙනවා. විශේෂයෙන් මෙම ආයතනය මගින් සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගන්නා තරුණ තරුණියන්ට අවශ්‍ය පුහුණුව ලබා දී ජපානයේ රැකියාවන් සඳහා යොමු කරනවා. මෙම වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් රැකියා අවස්ථා 560ක් තියෙනවා .ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ද විශාල රැකියා අවස්ථා ලැබී තිබෙනවා. මෙම වැඩ වැඩසටහන් යටතේ 2030 වර්ෂය වන විට අපේ රටේ තරුණ තරුණියන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට රැකියා අවස්ථා උදා කර ගැනීමට අවස්ථාව සැලසිලා තියෙනවා.

මෙම වැඩ වැඩසටහන සම්බන්ධව අදහස් දැක්වූ රංජිත් වික්‍රමසිංහ මහතා - ඇත්තෙන්ම මෙම වැඩසටහන ඉතාම සාර්ථකයි. අපිට ජපානයට යන්න අවශ්‍යතාව තිබුණ. නමුත් ඒ සඳහා නියම ක්‍රමවේදය සම්බන්ධව දැනුවත් වීමක් තිබුණේ නෑ. හැබැයි මේ වැඩ වැඩසටහන් තුළින් අපිට ලොකු අවබෝධයක් ඇති වුණා. ජපානයට යන්න විවිධ ඒජන්සිවලට අපි ගියා හැබැයි ඒ ඒගොල්ලො ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. අපි නිතරම ඒගොල්ලො එක්ක ගනුදෙනු කළේ අවිශ්වාසයෙන්. මේ වගේ රජයේ මැදිහත් වෙලා තරුණ තරුණයන්ගේ අවශ්‍යතාවන් සඳහා ක්‍රියාත්මක වීම සම්බන්ධව අපි රජයට ස්තුතිවන්ත වෙනවා.

ලසිකා ජයමාලි මෙය - මෙම වැඩ වැඩසටහන තුළින් අපෙන් අපි ලොකු අත්දැකීමක් ලබා ගත්තා. අද අපි හැමෝම ගොඩක් දැනුවත් වුණා. මොකද ගම්බද ප්‍රදේශය ගොඩක් තරුණ තරුණියන්ට ලොකු අත්දැකීමක් මෙය. අපි වගේ ජපානෙට යන්න ලෑස්තිවෙලා ඉන්න අයට ලොකු පිටුවහලක් වෙනවා මෙම වැඩ වැඩසටහන. ඒ වගේම අපි දැනුවත් උනා ජාවාරම් කරුවන්ට හසු නොවී කොහොමද ජපානයට යන්නෙ කියන එක. කිසිදු අය කිරීමක් නොකර අපිට මේ අවස්ථාව උදාකර දීම සම්බන්ධව රජයට ස්තුතිවන්ත වෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අලෙවි කළමනාකරු අශෝක පොල්ගස්දෙණිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න