“එක්ව සිතන්න, එක්ව හැදෙන්න” තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමඟාමීව සංවිධාන කෙරුණු “එකට සිටිමු” ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසළ දී ඊයේ(12) රාත්‍රියේ පැවැත්විණි. අලුත් ගමනක ප්‍රවේශය සනිටුහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඒකාබද්ධව සංවිධානය කළ මෙහිදී රටවටා එක්වුණු සැමගේ ප්‍රාර්ථනා ඇතුළත් විශේෂ සංදේශය ප්‍රවීණ මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අයුරු. යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ප්‍රවීණ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්, මෙත්තානන්ද රූබසිංහ සහ නවනාදන් රාජරාජ් මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූපය - චන්දන පෙරේරා, ජනාධිපති මාධ්‍ය අංශය
නව අදහස දක්වන්න