රාජ්‍ය ආයතන 17 ක් ගැන කෝප් වාර්තා මැතිසභයට | දිනමිණ

රාජ්‍ය ආයතන 17 ක් ගැන කෝප් වාර්තා මැතිසභයට

අටවන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරයේ කෝප් කමිටුවේ පළමු වාර්තාව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.

ඒ එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින්.

අදාළ වාර්තාව සභාගත කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේ, 2017 වසරේ ජූලි 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කාලසීමාව තුළ රාජ්‍ය ආයතන 17 ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මෙම වාර්තාව තුළ අන්තර්ගත බවයි.

නව අදහස දක්වන්න