මි.මී. 9 පිස්තෝලවල ලියාපදිංචිය අහෝසියි | දිනමිණ

මි.මී. 9 පිස්තෝලවල ලියාපදිංචිය අහෝසියි

විජයානි එදිරිසිංහ සහ උපාලි කරුණාරත්න

ඊයේ (21) සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට දැනට භාවිතයේ පවතින ලියාපදිංචිකර ඇති මිලිමීටර් 9 පිස්තෝල සහ රිවෝල්වර යන ගිනිඅවිවල ලියාපදිංචිය අහෝසි කෙරේ.

එම ගිනි අවි සඳහා නව ලියාපදිංචි සහතිකයක් ලබාගත යුතු බව පවසන ආරක්ෂක අමාත්‍යාංශය එම නව ලියාපදිංචි බලපත්‍ර නිකුත් කිරීම හෙට (23) සිට ආරම්භ කෙරේ.

ඒ අතර ලියාපදිංචිකර නැති රිවෝල්වර සහ පිස්තෝල සඳහා අලුතින්ම ලියාපදිංචි සහතික නිකුත් කිරීමද අත්හිටුවා ඇත.

මේ වනවිට ලියාපදිංචිකර ඇති පිස්තෝල හා රිවෝල්වර දෙදහසකට වැඩි සංඛ්‍යාවක් සඳහා ලියාපදිංචි සහතික නිකුත් කර තිබේ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශවලද නීත්‍යානුකූලව ලියාපදිංචි කර ඇති එම ගිනි අවි ප්‍රමාණය ද මීට ඇතුළත්වෙයි.

හොර රහසේ විවිධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර භාවිත වෙමින් සිදුකෙරෙන අපරාධ ක්‍රියාවන් සඳහා භාවිත කෙරෙන ගිනි අවි සොයා පොලිසිය මගින් මේ වනවිට රටපුරා එම ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ද සිදුකෙරේ.

මේ අවි ආයුධ සම්බන්ධයෙන් යම් කිසි ආකාරයේ ගණනය කිරීමක් සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් කරගෙන යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර අවසන් වනතෙක් මෙම ගිනි අවි ලියාපදිංචිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය ඉහත පියවර ගෙන ඇත.

නව අදහස දක්වන්න