ඉන්දීය ක්‍රිකට් ප්‍රබලයින් දෙදෙනෙකුගේ තරග තහනම් | දිනමිණ

ඉන්දීය ක්‍රිකට් ප්‍රබලයින් දෙදෙනෙකුගේ තරග තහනම්

ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රිඩකයින් දෙදෙනෙක් වන KL රාහුල් සහ හර්දික් පාන්ඩ්යා යලි සිය රට කැදවිමට ඉන්දියානු ක්‍රිකට් පාළක මණ්ඩලය පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊට අමතරව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ක්‍රිඩකයින් දෙදෙනාට තරග තහනමක්ද පනවා ඇත.

ඒ අනුව මෙම ක්‍රිඩකයින් දෙදෙනා ඉදිරි ඕස්ට්‍රේලියානු තරග සංචාරයෙන් සහ නවසීලන්ත තරග සංචාරයෙන්ද ඉවත් කිරිමටයි ඉන්දිය ක්‍රිකට් බළධාරින් පියවර ගෙන ඇත්තේ.

ඉන්දියාවේ ප්‍රචලිත රූපවාහිනි වැඩසටහනකට සහභාගිවු මෙම ක්‍රිඩකයින් දෙදෙනා එහිදි ඉන්දිය ක්‍රිකට් පාළක මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මෙයට හේතුවී ඇත.

ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ එක්දින තරගාවලිය ආරම්භ විමට පැය කිහිපයක් තිබියදි ඉන්දියානු ක්‍රිකට් පාළක මණ්ඩලය මෙම තිරණය ගැනිම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිඩා විචාරකයින්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.

KL රාහුල් සහ හර්දික් පාන්ඩ්යා හට සිය නිදහසට කරුණු දැක්විමට දින 07 ක කාලයක් ලබා දිමට එරට ක්‍රිකට් පාළක මණ්ඩලය තිරණය කර ඇත්තේ.

නව අදහස දක්වන්න