ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 10යි | දිනමිණ

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 10යි

රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට 2019 ජනවාරි 08 වන දිනට වසර 10 ක් සම්පූර්ණ වේ.

බොරැල්ල කනත්තේ පැවැත්වෙන ලසන්ත වික්‍රමතුංගගේ 10 වැනි සැමරුම් උත්සවයට ද ඔහුගේ පවුලේ සාමාජිකයන්, සහෝදර මාධ්‍යවේදීන් හා හිතවතුන් සහභාගි වන්නේ ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටුනොවී ඇති මොහොතකය.

2018 වසරේ ලසන්තගේ 09 වැනි සැමරුමේ කළ ඉල්ලීම් ඔවුන්ට මෙවරත් සිහිපත් කිරීමට සිදුවන්නේ පරීක්ෂණවල අවසානයක් තවමත් දක්නට නොමැති බැවිනි.

ඝාතනය සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෙතෙක් වාර්තා කර ඇති කරුණු අනුව, ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය මෙම ඝාතනයට සම්බන්ධ වී තිබේ.

කෙසේ වෙතත්, ඔවුන්ට එම නියෝග ලබාදුන්නේ කවරෙක්ද යන්න, සාක්ෂි සහිතව හෙළිදරව් කිරීමට පරීක්ෂකයන් මෙතෙක් අපොහොසත් වී තිබේ.

නව අදහස දක්වන්න