දූපතක් මැද පාරාදීසයක් වාසනා නේචර් රිසෝට් | දිනමිණ

දූපතක් මැද පාරාදීසයක් වාසනා නේචර් රිසෝට්

අක්කර පහක භූමි ප්‍රදේශයක් පුරා පරිසරහිතකාමී සංචාරක නවාතැනක් ලෙස ඉ්‍යුකර ඇති 'වාසනා නේචර් රිසෝට් ඇන්ඩ් රෙස්ටුරන්ට්' ((Wasana Nature Resort and Restaurant)) සිය සේවාදායකයන් වෙත තවත් අපූරු අත්දැකීමක් ලබා දෙනු වස් දූපතක් මැද ඉ්‍යු කළ සියලු පහසුකම් සහිත භෝජනාගාරයක් පසුගියදා විවෘත කරනු ලැබීය. 'වාසනා නේචර් රිසෝට් ඇන්ඩ් රෙස්ටුරන්ට්' පුළුල් කිරීමේ තවත් අදියරක් ලෙස විවෘත කෙරුණු දූපතක් මත ඉදිකළ මෙම භෝජනාගාරය තුළ්‍යූ දේශීය ආහාරපානවලට අමතරව ඕනෑම රටක ආහාරපාන සුළු මොහොතකින් ඇනවුම් කර ලබා ගැනීමේ පහසුව ද සලසා දී තිබේ.

රමණීය පරිසරයක අසිරිය විඳින අතරතුරේ ප්‍රණීත ආහාරපාන භුක්ති විඳිමින් කිසිදා අමතක නොවන අන්දමේ මිහිරි මතකයක් ජීවිතයට එක් කරගැනීම සඳහායි අපි අපගේ සේවාදායකයන් වෙත මෙබඳු සොඳුරු නවාතැනක් විවෘත කළේ.'' 'වාසනා නේචර් රිසෝට් ඇන්ඩ් රෙස්ටුරන්ට්' හි කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් ඉන්දික මෙරෙංචිගේ මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ විශාලතම රථ වාහන ප්‍රදර්ශනාගාරයට හිමිකම් කියන 'වාසනා නේචර් රිසෝට් ඇන්ඩ් රෙස්ටුරන්ට්' ට්‍රේඩිං ලංකා (පෞද්ගලික) සමාගමට අනුබද්ධිත ආයතනයක් වන 'වාසනා නේචර්' 100% ක් පරිසර හිතකාමී ලෙස ඉදිකළ සොඳුරු පාරාදීසයකි.

කොළඹ නගරයේ සිට මිනිත්තු 20 කටත් අඩු කාලයකින් මේ ස්ථානය වෙත ළඟා විය හැකිය. ඉතා සුහදශීලී ආගන්තුක සත්කාරයක් විඳගනිමින් විවාහ මංගලෝත්සව, උපන්දි සාද ආදි ජීවිතයේ සොඳුරුතම අවස්ථාවන්, මිහිරි මතකයන් ලෙස සදා රඳවාගැනීමට අවශ්‍ය සියලු පහසුකම් ද 'වාසනා නේචර් රිසෝට් ඇන්ඩ් රෙස්ටුරන්ට්' වෙතින් හිමි වේ.

දූපතක් මැද ඉදි කළ නව භෝජනාගාරය විවෘත කිරීමත් සමග, වෙනත් හෝටල්වල නොමැති තවත් සුවිශේෂි අංගයක් 'වාසනා නේචර් රිසෝට්' වෙත එකතු වූ බව කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවැසීය.

www.wasananature.lk වෙබ් අඩවියෙන් මෙන්ම 0117664664 යන දුරකථන අංකයෙන් ද මේ පිළිබඳව තවත් වැඩි විස්තර ලබා ගත හැකිය.

නව අදහස දක්වන්න