දුක්ගිනි ගොඩක දිවි­ගෙ­වන විය­පත් මවට පිහිට වෙන්න | දිනමිණ

දුක්ගිනි ගොඩක දිවි­ගෙ­වන විය­පත් මවට පිහිට වෙන්න

කටු­මැටි නිවස කඩා වැටෙන්න ඔන්න-මෙන්න 

අඩක් ඉදි­කර ඇති නිවෙ­සක ඉතිරි ඉදි­කි­රීම් කර ගැනී­මට නොහැ­කිව දුක් විදින පවු­ලක් ගැන ගලේ­වෙල වාගො­ල්ල­යාය ගමෙන් වාර්තා වේ.මේ පවුලේ ගෘහ මූලි­කයා වන්නේ වී.ජී.පුංචි නැමැති 80 හැවි­රිදි මාතා­වකි. උප­තින්ම ආබා­ධිත වී සිටින 55 වියැති පුතෙකු හා 48 හැවි­රිදි දිය­ණි­යක් ටම් විය­පත් මාතාව සමඟ වාසය කරති. ඔවුන් ජිවත්ව සිටි නිවෙස අබ­ලන් විම නිසා පරි­ත්‍යා­ග­ශිලී කිහිප දෙනෙ­කුගේ මැදි­හත් වීමෙන් ඔවු­නට නව නිවෙ­සක් ඉදි­කර දීමට කට­යුතු කෙරිණි. ඒ මීට මාස 07කට පමණ පෙරය. එම ඉදි­කි­රීම් අත­ර­මඟ නතර කර දමා ඇති නිසා තමන් මහත් අස­රණ තත්ත්ව­ය­කට පත්ව සිටින බව පුංචි මාතාව පැවැ­සු­වාය. ඇය මෙසේද කීවාය. “ මගේ සැමියා මීට වසර 06කට පමණ පෙර මිය­ගියා. මට දරු­වන් 06 දෙනෙක් සිටියා. ආබා­ධිත දරු­ව­න්ගෙන් එක් අයෙක් මිය­ගියා. ඉතිරි ආබා­ධිත දරු­වන් දෙදෙනා ජීවත් වෙන්නේ අබ­ලන්ව තිබෙන මා ජීව­ත්වෙන නිව­සේය.නව නිවාස ඉදි­කි­රීම සඳහා ග්‍රාම­නි­ල­ධාරී ඇතුළු පිරි­සක් ඉදි­රි­පත් වුණා. ගල්,වැලි, සිමෙන්ති ලබා දුන්නා. එහි ඉදි­කි­රීම් නවතා දමා මාස 07ක් පමණ වෙනවා. එහි ඉදි­කි­රීම් අද ආරම්භ වෙයි හෙට ආරම්භ වෙයි කියා හිටි­යත් ඒ බලා­පො­රොත්තු තාම ඉටු­වෙන පාටක් නෑ.මමත් ආබා­ධිත දරු දෙදෙ­නාත් පරණ අබ­ලන් වු නිවෙසේ ජීවි­ත­යත් මර­ණ­යත් අතර සට­නක යෙදෙම්න් ජීවත් වෙනවා. එම නිවසේ බිත්ති ඇල වෙලා.වර්ෂා ජලය ගේ තුළට කාන්දු­වීම වැළැ­ක්වී­මට වහ­ල­යට ඉටි­රෙදි දාලා තිබෙ­නවා. බිත්ති පුපු­රලා .නිවෙස ඉදි­කර ගැනී­මට පරි­ත්‍යාග කර තිබූ සිමෙන්ති කොට්ට 05ක් දැන් ගල්වෙලා. මම දිය­වැ­ඩි­යාව, ක්ලාතය, රුධිර පීඩ­නය ආදි­යෙන් පෙළෙ­නවා. දරු­වන් දෙදෙ­නාට ජීවත් වෙන්නට රජ­යෙන් රුපි­යල් 250/=ක දීම­නා­වක් ලැබෙ­නවා.

අපේ දුක දැකලා අපට නව නිවෙ­සක් ඉදි­කි­රී­මට උදවු කළ හැම­දෙ­නා­ගෙන් අස­රණ අපි ඉල්ලා සිටින්නේ මේ නිවෙසේ ඉතිරි ඉදි­කි­රීම් සිදු­කර දෙන ලෙස­ටයි. මේ පිළි­බඳ ගලේ­වෙල ප්‍රාදේ­ශීය ලේකම් එම්.යූ.නිශාන්ත මහ­තා­ගෙන් කළ විම­සී­ම­කදී ඒ මහතා පැවැ­සුවේ මේ අස­රණ පවුලේ නව නිවෙසේ ඉදි­කි­රීම් කට­යුතු ප්‍රමා­දවී ඇත්තේ මන්දැයි සොයා­බලා සුදුසු පිය­වර ගන්නා බවයි.

ඡායා­රූ­පය ගලේ­වෙල මධ්‍යම සමුහ

නව අදහස දක්වන්න