කුඩු සමඟ ඇල්ලූ සැකකරු දැරියකටත් හදි කරලා | දිනමිණ

කුඩු සමඟ ඇල්ලූ සැකකරු දැරියකටත් හදි කරලා

බාල වයස්කාර දැරියක් අපහරණය කිරීමට තැත් කීරීමේ සහ යතුරුපැදියක් සොරකම් කිරීමේ චෝදනා දෙකක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවකු හෙරොයින් මිලිග්‍රෑම් 1100 ක්ද සමග ඌරගස්මන්හන්දියේදී අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි.

අම්බලන්ගොඩ විදුහල් මාවතේදී යතුරු පැදියක් සොරකම් කර ඇති මෙම සැකකරු එම යතුරු පැදියෙන් කරන්දෙණිය හරහා පලා යමින් සිටියදී කරන්දෙණිය උණගස්වෙල ප්‍රදේශයේදී මහමග පයින් ගමන් කරමින් සිටි 15 හැවිරිදි දැරියක් බලහත්කාරයෙන් කැළයකට ඇදගෙන ගොස් දූෂණය කිරිමට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේ පාරේ යමින් සිටි පුද්ගලයකුට ඇයගේ කෑගැසිම ඇසී ඔහු ඒ දෙසට ගොස් දැරිය බේරාගෙන ඇති අතර සැකකරු යතුරුපැදියෙන් පලාගොස් ඇත.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවත් වූ කරන්දෙණිය පොලිසිය සී.සී.ටි.වි දර්ශණ ඔස්සේ සැකකරු හඳුනා ගෙන ඇති අතර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී කරන්දෙනිය පොලිසියේ බුද්ධි අංශයේ පොලිස් සැරයන් (7860) අබේවර්ධන හා පොලිස් කොස්තාපල් (67103) සේනාරත්න යන මහත්වරුන් ලබාදුන් තොරතුරු මත සැකකරු ඌරගස්මන්හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු ළඟ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1100 ද පොලිසිය සොයාගෙන තිබේ. මෙම සැකකරු අහුන්ගල්ල පොල්අතුපලාත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බවත් මොහු තවත් අපරාධ රැසකට සම්බන්ධ අයකු බවත් පොලිසිය පවසයි.

ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී සමන් පුස්සැල්ල මහතාගේ අධීක්ෂනයෙන් කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක නදුන් මෙන්ඩිස් පොලිස් සැරයන් (6021) රණධීර, යන මහත්වරු මෙම වැටලිම සිදු කර තිබේ. සැකකරුඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඇල්පිටිය සමුහ
අයි. එම්. වී. සි. ගුණසේකර

නව අදහස දක්වන්න