බොලිවුඩ් නිළි සොනාලිට පිළිකාවක් | දිනමිණ

බොලිවුඩ් නිළි සොනාලිට පිළිකාවක්

පිළිකා වැනි වසන් කෙරෙන මාතෘකා පිළිබඳව ප්‍රසිද්ධ පුද්ගලයන් විවෘතව කතා කිරීම බොහෝ රෝගීන් ප්‍රතිකාර වෙත යොමු වීමට මෙන්ම ඔවුන් ගේ මානසික සුවතාවයට ද බලපාන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

රෝගය හඳුනා ගැනීම, ප්‍රතිකාර වෙත යොමු වීම, මුහුණ දෙන අපහසුතා, සංකූලතා වලට මුහුණ දීම සහ සමාජයෙන් වෙන් වී නොසිටීම සඳහා රෝගීන් යොමු කිරීමට එය වඩාත් ඉවහල් වන බව ඔවුන්ගේ මතයයි.

ඔවුන් මෙසේ අදහස් ප්‍රකාශ කරන්නේ දරුණු පිළිකා රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බොලිවුඩ් නිළි සොනාලි බෙන්ද්‍රේ නිව්යෝක් නුවර සිට නැවත ඉන්දියාවට පැමිණීම පිළිබඳව ප්‍රතිචාර දක්වමිනි.

රෝගය හඳුනා ගත් දින සිට ඇය තමන් පීඩා විඳින පිළිකා රෝගයට එරෙහිව ගෙන යන සටන සහ අත්දැකීම් ගැන නිතර සටහන් ලියුවාය. මේ හේතුවෙන්, 43 හැවිරිදි රංගන ශිල්පිනිය ගැන ප්‍රශංසා කරමින් සමාජ මාධ්‍ය ජාලවල බොහෝ ප්‍රතිචාර දක්නට ලැබේ.

නව අදහස දක්වන්න