යොවුන් ජාතික ටයිකොන්ඩෝ ශූරතාව පුත්තලමට | දිනමිණ

යොවුන් ජාතික ටයිකොන්ඩෝ ශූරතාව පුත්තලමට

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ලියාපදිංචි දිස්ත්‍රික් ක්‍රීඩා සමාජවල යොවුන් වයසේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැති යොවුන් ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ ජයග්‍රහණය පුත්තලම් දිස්ත්‍රික් කණ්ඩායම දිනා ගනියි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේ සමස්ත අනුශූරතාව රත්නපුර දිස්ත්‍රික් සංගමයට හිමිවූ අතර පිරිමි අංශයේ සමස්ත ශූරතාව පුත්තලම් දිස්ත්‍රික් කණ්ඩායමද, කාන්තා සමස්ත ශූරතාව රත්නපුර දිස්ත්‍රික්කය ද සතුවිය.

එහි අනුශූරතා පිළිවෙළින් රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම සහ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම දිනා ගත්තේය.

තරගාවලියේ නැඟී එන කණ්ඩායම ලෙස මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම තේරීපත් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමේ එම්.එන්.එස්. රත්නසිරි සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය පුත්තලම් දිස්ත්‍රික්කයේ හසංගි සෙව්වන්දි සත්සරණී දිනා ගත්තාය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නව අදහස දක්වන්න