PLC - ARC Award සම්මාන 04කින් පිදුම් ලබයි | දිනමිණ

PLC - ARC Award සම්මාන 04කින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ 2017/2018 වාර්ෂික වාර්තාව වන ‘Tomorrow Shaping Today’ සඳහා ලොව පුරා වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කෙරෙන ප‍්‍රමුඛතම සම්මාන උළෙලක් වන ARC Awards International -2018 හි මූල්‍ය හා සාමාන්‍ය අංශයෙන් සම්මාන 4කින් පසුගිය දා පිදුම් ලැබීය. වාර්ෂික වාර්තා සඳහා පිදෙන අධ්‍යයන සම්මාන සේ පිළිගැනෙන මේ ARC Awards International 32 වැනි වරටත් සංවිධානය කරනු ලැබුවේ අමෙරිකාවේ Mercomm ආයතනය වන අතර, මෙවර සම්මාන උළෙල ජර්මනියේ Hamburg නගරයේ Fontenay හිදී පැවැත්විණි.

පීපල්ස් ලීසිං සමාගම ARC Awards International සම්මාන උළෙලේ දී හිමිකරගත් සම්මාන හතර වූයේ ‘මූල්‍ය සේවා’ අංශය යටතේ ‘මූල්‍ය දත්ත’ සඳහා පිරිනැමෙන රිදී සම්මානය Silver Award – Financial Services, General, ‘මූල්‍ය සේවා’ අංශය යටතේ ‘සභාපතිගේ පණිවිඩය’ සඳහා පිරිනැමෙන ලෝකඩ සම්මානය Bronze Award – Chairman’s/President’s Letter, Financial Services, General, ‘මූල්‍ය සේවා’ අංශය යටතේ ‘ලිඛිත සටහන්’ සඳහා පිරිනැමෙන ගෞරව සම්මානය Honors – Written Text, Financial Services, General හා ‘මූල්‍ය සේවා’ අංශය යටතේ ‘අභ්‍යන්තර නිර්මාණාත්මක සැලසුම’ සඳහා පිරිනැමෙන ගෞරව සම්මානය Honors – Interior Design, Financial Services, General. එමෙන්ම මෙරට පළවන වාර්ෂික වාර්තා සඳහා සම්මාන පිදෙන CMA Excellence in Integrated Reporting Awards – 2018 සම්මාන උළෙලේදී ද පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව වෙනුවෙන් සම්මාන 4ක් හිමිවිය.

නව අදහස දක්වන්න