අගමැති මහින්දගේ උපන් දිනය හෙට | දිනමිණ

අගමැති මහින්දගේ උපන් දිනය හෙට

රත්නසිරි පතිරණ

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය හෙට (18) දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් වසරක් පාසා පවත්වන කිරි අම්මාවරුන්ගේ මහා දානය හෙට අලුයම 5.00ට නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ.

විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ ආශිර්වාද පින්කම සිදු කරන අතර, දැනට රට තුළ උද්ගතව ඇති අවාසනාවන්ත තත්ත්වය සමනය කර පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් රටට සෞභාග්‍ය උදා කිරීම මේ මහා දානයේ මූලික අරමුණ බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

නව අදහස දක්වන්න