වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තෝරන්න සන්ඩේ ඔබ්සර්වර්-මොබිටෙල් එක්වෙයි | දිනමිණ

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තෝරන්න සන්ඩේ ඔබ්සර්වර්-මොබිටෙල් එක්වෙයි

මොබි­ටෙල් ආය­ත­නයේ ප්‍රධාන විධා­යක නිල­ධාරී නලීන් පෙරේරා මහතා අතින් ලේක්හ­වුස් වැඩ­බ­ලන සභා­පති වසන්තප්‍රිය රාම­නා­යක මහතා වෙත අනු­ග්‍රා­හ­ක­ත්වය පිරි­න­ම­මින්. (වමේ සිට) දිනේෂ් වීර­වංශ ප්‍රධාන කර්තෘ (ඉංග්‍රිසි ප්‍රකා­ශන), ජූඩ් සිල්වා මොබි­ටෙල් ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­කාර (නාලිකා සන්නි­වේ­දන), ලේක්හ­වුස් නීති අධ්‍යක්ෂ රසාංග හරි­ස්චන්ද්‍ර සහ ලේක්හ­වුස් සාමා­න්‍යා­ධි­කාරී අභය අම­ර­දාස මහ­ත්ව­රුද මෙහි වෙති. 										                ඡායා­රූ­පය - සමන් මෙන්ඩිස්

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සහ මොබිටෙල් ආයතනය එක්ව පවත්වන වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ 41 වැනි අදියර ලබන වසරේ පැවැත්වෙයි.

මේ සඳහා මොබිටෙල් ආයතනය අඛණ්ඩ 12 වැනි වරටත් අනුග්‍රාහකත්වය පිරිනැමූ අතර එය සංකේතවත් කරමින් ලේක්හවුස් වැඩ බලන සභාපති වසන්තප්‍රිය රාමනායක මහතා වෙත අනුග්‍රාහක්තවය පිරිනැමීම මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා අතින් පසුගියදා සිදුවිය. නිමාවූ 40 වැනි සම්මාන උළෙලේදී පාසල් ක්‍රීඩිකාවන් කිහිපදෙනකුද විවිධ සම්මානයන්ගෙන් පිදුම් ලැබූ අතර මේ වසරේ සිට වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්ම වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව තේරීමටත් කටයුතු යොදා තිබේ.ඒ සමග වසරේ හොඳම පාසල් පිතිකාරිනිය, හොඳම පන්දු යවන්නිය, හොඳම පන්දු රකින්නිය හා හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවට සම්මාන පිරිනැමෙනු ඇත.

මේ අවස්ථාවට එක්වූ මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා පැවැසුවේ මේ සම්මානය සුරතට ගැනීම සෑම පාසල් ක්‍රීඩකයකුගේම සිහිනයක් බවත්, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ධෛර්යමත් කරන මෙවැනි වැඩපිළිවෙළකට අඛණ්ඩව 12 වැනි වසරටත් අනුග්‍රාහකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටට පත්වන බවත්ය.

මෙවර ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් ක්‍රීඩිකාවන් සඳහාද සම්මාන පිරිනැමීමට කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතා වැදගත් වන බවද ඔහු පැවැසීය.

 

නව අදහස දක්වන්න