බලපත් නැතිව එළ ගවයන් ගෙන ගිය දෙදෙනාට වැඩ වරදී | දිනමිණ

බලපත් නැතිව එළ ගවයන් ගෙන ගිය දෙදෙනාට වැඩ වරදී

බලපත්‍රයක් නොමැතිව එළ ගවයන් දෙදෙනකු දක්කාගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු ඌරුබොක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුගියදා මොරවක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ශශිකා මිතුන ආරච්චිගේ මහත්මිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන් වරද පිළිගැනීම හේතුවෙන් එක් සැකකරුවකුට රුපියල් තිස්දහස බැගින් සැකකරුවන් දෙදෙනාට රුපියල් හැට දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පො.කො. 22249 අතාවුද මහතා අධිකරණයට කරුණු වාර්තා කරමින් පසුගියදා රාත්‍රියේ හුලංකන්ද ප්‍රදේශයේදී බලපත්‍රයක් නොමැතිව එළ ගවයින් පස් දෙනෙකු ලොරියකට පැටවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය එම ස්ථානයට යාමත් සමගම ගවයින් දමා ලොරි රථය සහ තවත් පිරිසක් පලාගොස් ඇති අතර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගවයින් තුන්දෙනෙකු පලාගොස් ඇති අතර දෙදෙනෙකු පොලීසිය විසින් අල්ලාගෙන ඇත.පලාගිය පුද්ගලයන් සහ ලොරි රථය අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

කාලයක සිට හුලංකන්ද ප්‍රදේශයේ දී එළ ගවයන් බලපත්‍ර නොමැතිව රාත්‍රි කාලයේදී මී ඇල්ල ප්‍රදේශයට රැගෙන යන බවත් ගවයන් ප්‍රවාහනයට පැමිණෙන රථ වාහන දිනපතා මාරු කරමින් පැමිණීම හේතුවෙන් මෙතෙක් කාලයක් පොලීසියට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී නොමැත.

මෙම ගවයන් දිවා කාලයට නොයෙක් ප්‍රදේශවලින් රැගෙන විත් හුලංකන්ද ප්‍රදේශයේ ගාල් කර රාත්‍රි කාලයට මී ඇල්ල ප්‍රදේශයට මස් පිණිස විකුණන බවට තොරතුරු පොලීසියට ලැබී ඇත. ඒ අනුව බලපත්‍ර නොමැතිව එළ ගවයන් රැගෙන යන කණ්ඩායමට හුලංකන්ද සහ දම්පහල ප්‍රදේශවල පුද්ගලයන් කීපදෙනකු සම්බන්ධ බවට පොලීසිය සැක කරන අතර ඒ පිළිබඳවද පොලීසිය පරික්ෂණ සිදුකරයි.

පො.සැ.56014 දයාරත්න මහතා සමග පො.කො.67494 චමින්ද,පො.කො.89390 ආනන්ද,පො.කො.80442රොෂාන් යන නිලධාරින් විසින් වැටලීම සිදුකර ඇත.

ඌරුබොක්ක විශේෂ ඒ. පී. දයාචන්ද්‍ර

නව අදහස දක්වන්න