දිවයින පුරා නගර රැසක Pick Me කාර්යාල විවෘත වේ | දිනමිණ

දිවයින පුරා නගර රැසක Pick Me කාර්යාල විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික ටැක්සි සේවා සපයන්නා වන Pick Me සමාගමේ නවතම කාර්යාල කුරුණෑගල, මහනුවර, ගම්පහ, ගාල්ල නගරවලදී Pick Me ප්‍රධාන විධායක නිලධාරි ජිෆ්රි සුල්ෆර්, ප්‍රධාන ක්‍රියාකාරී නිලධාරි ඉසිර පෙරේරා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ හා Pick Me කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත විය.

මේ වන විට මීගමුව, කඩුවෙල, වැල්ලම්පිටිය, පිළියන්දළ, අත්තිඩිය, කළුතර, මාතලේ, ජා ඇළ යන නගරවලටද Pick Me සේවා ව්‍යාප්තවී ඇත. මෙහිදී අදහස් දැක්වූ Pick Me ප්‍රධාන විධායක නිලධාරි ජිෆ්රි සුල්ෆර් මහතා, “ඔබගේ නගරයට පැමිණීමත්, රියැදුරු ව්‍යවසායකයන්ට වෘත්තිය මට්ටම ඉහළ නංවා ගනිමින් ආදායම වැඩි කර ගන්නට අවස්ථාව සැළැසීමත්, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වීමත් අපට විශාල සතුටක්.” යනුවෙන් පැවසීය.

“පසුගිය වසර තුන පුරා Pick Me සමඟ එක් වූ රියැදුරු මහත්වරුන්ට වෘත්තීය ගරුත්වයක් සහිතව අභිමානවත්ව සිය සේවය රටට ලබා දීමට හැකි වුණා. එසේම නවීන තාක්ෂණය මුසු වූ Pick Me ටැක්සි සේවය පාරිභෝගික ජනතාවට විශ්වාසවන්ත සහ කාර්යක්ෂම ප්‍රවාහන මාධ්‍යක් වූ බව ස්ථිරයි.” ප්‍රධාන ක්‍රියාකාරී නිලධාරි ඉසිර පෙරේරා මහතා පැවසීය. Pick Me සමාගමේ නවතම හඳුන්වා දීම වන්නේ Pick Me ට්‍රක් සේවයයි.

කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටද රට පුරා සිය භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට Pick Me ට්‍රක් සේවය භාවිත කළ හැකිය. Pick Me සිය සේවාලාභින්ට ත්‍රිරෝද රථයේ සිට කාර්, වෑන්, ප්‍රභූ වාහන දක්වා පුළුල් පරාසයක වාහන සපයයි. Pick Me හා එක් වූ 15000කට අධික රියැදුරන් සමූයක් දිවයිනේ දිස්ත්‍රික් හතරක් පුරා විසිරුණු පහළොස් ලක්ෂයකට අධික ජනතාවකට වෘත්තීය මට්ටමේ උසස් සේවයක් සළසයි.

නව අදහස දක්වන්න