ඇවන්ගාඩ් ප්‍රධානීන්ට අධිචෝදනා බාර‍ෙදයි | දිනමිණ

ඇවන්ගාඩ් ප්‍රධානීන්ට අධිචෝදනා බාර‍ෙදයි

රෝෂන් තුෂාර

රුපියල් ලක්ෂ 355ක අල්ලසක් ලබාදීම හා ලබාගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ව සිටින විශ්‍රාමික මේජර් ‍ෙජනරාල් පාලිත ප්‍රනාන්දු හා ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සැකකරුවන්ට කොළඹ මහාධිකරණය ඊයේ (12) අධිචෝදනා බාර දුන්නේය.

මහාධිකරණ විනිසුරු බාලචන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා ඉදිරියේ විත්තිකරුවන්ට අල්ලස් පනත යටතේ වන අධිචෝදනා 47ක් කියවාදුන් අතර අදාළ චෝදනාවලට නිවැරැදිකරුවන් බවට ප්‍රකාශ කෙරිණි.

මේ අනුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා නියෝග කළේය. විඩෙත්තිපලෙයි 532 බළසේනා යුද හමුදා කඳවුරේ බළසේනාධිපති කර්නල් ෂෙවාන් අසේල කුලතුංග මහතා පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස කැඳවීය.

නඩුවේ පළමු විත්තිකාර විශ්‍රාමික මේජර් ‍ෙජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා යුද හමුදා සේවයට ගැනීමට අදාළ ලේඛන පැමිණිල්ලේ සාක්ෂි ලෙසට ලකුණු කළේය. ඇවන්ගාඩ් මයිටේරියම් සර්විසස් සමාගමට ගාල්ල මුහුදු සීමාවට ඔබ්බෙන් පිහිටි මුහුදු සීමාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ආධාර අනුබල ලබාදීම, නිශ්ශංක සේනාධිපතිගෙන් රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීම හා එකී අල්ලස ලබාදීම ඇතුළු අධිචෝදනා 47ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම මඟින් මෙම නඩුව පවරා තිබිණි. නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් 29 දින සිදුකිරීමට නියමිතය.

නව අදහස දක්වන්න