දක්ෂිණ අධිවේගයේ ලොරියක අත්බෝම්බ 02ක් | දිනමිණ

දක්ෂිණ අධිවේගයේ ලොරියක අත්බෝම්බ 02ක්

 දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පාලම අසළ දී නවතා තිබූ ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 02 ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
 
අද (04) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
 
සැකකරුවන් වැලිගම සහ බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
 
මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

නව අදහස දක්වන්න