දියකාවා යුධ අභ්‍යාසය 6 සිට 26 දක්වා | දිනමිණ

දියකාවා යුධ අභ්‍යාසය 6 සිට 26 දක්වා

රක්ෂණ ශ්‍රියන්ත

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නව වන වරටත් සංවිධාන කරන ලද දියකාවා යුධ අභ්‍යාසය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2500ක්, නාවික හමුදා සෙබළුන් 400ක්, සහ ගුවන් හමුදා සෙබළුන් 200ක් මෙන්ම විදේශීය හමුදා සාමාජිකයන් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 06 සිට 26 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

අනාගත පරපුර වෙනුවෙන් මෙන්ම විදේශීය හමුදා සාමාජිකයින් සහ සහභාගිවන්නන් අතර දැනුම සම්ප්‍රේෂණය කිරීමට සහ යුධමය අත්දැකීම් හුවමාරු කරගැනීමට අතිශය පුළුල් සහ වඩාත් පරිපූර්ණ පුහුණු අභ්‍යාසයක් සෙ වසර ගණනාවක් පුරා මෙම ක්ෂේත්‍ර පුහුණු යුධ අභ්‍යාසය පවත්වනු ලබයි.

මෙම තොරතුරු අනාවරණය වූයේ පසුගියදා (28) කොළඹ දී යුද්ධ හමුදාව, නාවික හා ගුවන් හමුදාවන්හී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙවර පැවැත්වෙන පුහුණු අභ්‍යාසය යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඕනෑම හිදිසි අවස්ථාවක දී භට පිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේ පුහුණුව ඇති කිරීමේ අරමුණින් හා හැකියාවන්ගෙන් යුත් විශේෂ ක්‍රියාන්විත බලකායන් සංකල්පනාත්මකව රාමුවක් තුළ ක්‍රමවත්ව යෙදවීම සඳහාමෙ අභ්‍යාසය සැලසුම් කර ඇති අතර එය නැ‍ඟෙනහිර මධ්‍යම බටහිර සහ උතුරු පළාත් අවාරණය වන පරිදි පැවැතිවීමට නියමිතය.

මින්නේරියේ ස්ථාපිත කර ඇති මෙහෙයුම් මූලස්ථානය දී සැප්තැම්බර මස 06 සිට මෙම අභ්‍යාසය අරම්භ කරනු ලබන අතර මෙහි අභ්‍යාස අධ්‍යක්ෂක ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන සහ නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්ෂවරුන් ලෙස බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ගුණරත්න සහ කර්නල් විපුල ඉහළගේ යන මහත්වරුන් කටයුතු කරනු ලබයි.

ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය පරාජයට පත් කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හැකියාවන් යථාතත්ත්වයෙන් පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරිව සෑම අවස්ථාවකට සහ ඕනෑම අඅනාගත අභියෝගයකට මුහුණ දී රටෙත් එහි ජනතාවගේත් පුර්ණ ආරක්ෂකයා ලෙස පෙනී සිටීම යනා දී තත්ත්වයන් ස්ථාවරව පත්වාගෙන යාම යුද්ධ හමුදාපතිවරයාගේ අරමුණ වි ඇති අතර යුද්ධ හමුදාව විසින් වසර ගණනාවක් පවත්වාගෙන යන මෙම යුධ අභ්‍යාසය විදේශීය හමුදා සාමාජිකයින්ගේ විශේෂ අවධානයට ලක්වී ඇති අතර ඒ සඳහා ඔවුන්ගේ දායකත්වයද වරධනය වී ඇත.

දියකාවා යුධ අභ්‍යාසයේ අවසන් ප්‍රහාරාත්මක යුධ අභ්‍යාසය සැප්තැම්බර් 26 දින කුච්චවේලි ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා යුධ, ගුවන්, නාවික හමුදාවන් සහභාගීවන ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස පවත්වනු ලැබේ.

අති නවීන පහසුකම්වලින් යුත් මෙහෙයුම් මැදිරිය මෙන්ම අවසන් යුධ අභ්‍යාසය නැරඹීමට මහජනතාවටද අවස්ථාව සලසා දී තිබේ.

 

නව අදහස දක්වන්න