ඉරානයට 5.9ක ප්‍රභල භුකම්පනයක් | දිනමිණ

ඉරානයට 5.9ක ප්‍රභල භුකම්පනයක්

බටහිර ඉරානයේ ක්‍රමෙන්ෂා ප්‍රාන්තයේ අද අලුයම සිදු වූ මැග්නිටියුඩ් ඒකක 5.9ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කරන්නේ, මෙම භූමිකම්පාවට පසුව එම ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 03ට වඩා වැඩි අගයකින් යුක්ත තවත් පසුකම්පන දෙකක් සිදුව ඇති බවයි.

භූමිකම්පාවෙන් හානියට පත්වූ ජනතාවට සහන සැලසීමට සහන කණ්ඩායම් 05ක් ක්‍රමෙන්ෂා ප්‍රාන්තයට පිටත් කර යවා ඇති බව ද සදහන්.

ඉරාන රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කරන්නේ, ඉරානයට බලපෑ භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉරාකයේ බැග්ඩෑග් අගනුවරට ද දැනුණු බවයි.

 

නව අදහස දක්වන්න