ඉන්දියාවේ හිටපු අගමැති වජ්පායි අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

ඉන්දියාවේ හිටපු අගමැති වජ්පායි අභාවප්‍රාප්ත වෙයි

ලක්ෂ්මන්-බදියුදීන් ඇමැතිවරු අවමඟුල් උත්සවයට ශ්‍රී ලංකාවෙන්

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකුවූ ශ්‍රී අතාල් බිහාරි වජ්පායි මහතා ඊයේ(16) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 93 ක් විය. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් වජ්පායි මහතා තෙවරක් ඉන්දියාවේ අගමැති ධුරය හෙබවූ අතර 1996, 1998-1999 සහ 1999-2004 වසරවලදී ධුරය දරන ලදී. වසර හතළිහක් ඉන්දියානු පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. නවදිල්ලි නුවර දී පැවැත්වෙන වජ්පායි මහතාගේ අවසන් කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නියෝජිතයන් වශයෙන් අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල සහ රිෂාඩ් බදියුදීන් මහත්වරුන් සහභාගි වීමට නියමිතය.

නව අදහස දක්වන්න