ඉයන් පේස්ලිට මැති­සබේ තහ­නම් කළ හේතුව | දිනමිණ

ඉයන් පේස්ලිට මැති­සබේ තහ­නම් කළ හේතුව

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි මහතාට දින තිහක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවා ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිම නිසා නොව ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු මුදල් පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම හේතුවෙන් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට කිහිප වරක් පැමිණි ඉයන් පේස්ලි මහතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආචාර ධර්මවලට පටහැනිව එරට නීති-රීති උල්ලංඝනය කරමින් ලංකාවේ මුදල් ගෙන පරිහරණය කිරීම යන චෝදනාව යටතේ විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඉයන් පේස්ලි මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් ඒ මහතාට දින තිහක පාර්ලිමේන්තු අත්හිටුවීමක් සිදුකර ඇති බවට ඇතැම් පුවත්පත් ඊයේ (20) වාර්තා කර තිබූ බවත් එම පුවත් සාවද්‍ය බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

නව අදහස දක්වන්න