සිළුමිණ - රැස කර්තෘ චාමර ලක්ෂාන් සමුගනී | දිනමිණ

සිළුමිණ - රැස කර්තෘ චාමර ලක්ෂාන් සමුගනී

දේශපාලන විචාරකයෙකු සහ මාධ්‍යවේදියෙකු ලෙස පාඨකයන් හඳුනාගත් සිළුමිණ පුවත්පතේ සහ රැස පුවත් පතේ කර්තෘ චාමර ලක්ෂාන් කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

පසුගිය පොසොන් පෝදා ලේක්හවුස් ආයතනය විසින් මෙහෙයවන මිහින්තලය ආලෝක පූජාව සඳහා සහභාගී වීමට ගොස් සිටිය දී චාමර ලක්ෂාන් හදිසි හෘදයා බාධයකට ලක්විය.

කෙසේ වෙතත්, ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති බව අනෙක් අය දැනගෙන ඇත්තේ ද මඳක් පමා වී බවයි වාර්තා වන්නේ.

අනතුරුව ගුවන් මගින් කොළඹ ගෙනැවිත් ඇති චාමර ලක්ෂාන් කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලොවින් සමුගත්තේය.

මිය යනවිට ඔහු 39 වන වියේ පසුවිය.

චාමර ලක්ෂාන් ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වල ද කලක් සේවය කළේය.

මාර්ටින් වික්‍රමසිංහ වැනි පතාකයන් කර්තෘ ධූරය දැරූ සිළුමිණ පුවත් පතේ කර්තෘ ධූරයට පත් වූ ලාබාලතම කතුවරයා වන්නේ ද චාමර ලක්ෂාන්ය.

චාමර ලක්ෂාන් ඔබට නිවන් සුව......

නව අදහස දක්වන්න