ජපාන සහ කොරියා තානා­පති කාර්යා­ල­ව­ලට සංයුක්ත අප­ද්‍රව්‍ය දහන ඉන්සි­න්රේ­ටර් | දිනමිණ

ජපාන සහ කොරියා තානා­පති කාර්යා­ල­ව­ලට සංයුක්ත අප­ද්‍රව්‍ය දහන ඉන්සි­න්රේ­ටර්

අපද්‍රව්‍ය කළමනාකරණයට නවතම විසඳුමක් වන අපද්‍රව්‍ය දහනය කරන කුඩා පරිමාණයේ ඉන්සිනරේටරයක් පසුගිය දා ශ්‍රී ලංකාවේ ජපාන හා කොරියා තානාපති කාර්යාල පරිශ්‍රවල ස්ථාපනය කරන ලදී. තානාපති කාර්යාලවල දෛනිකව එකතු වන අපද්‍රව්‍ය පරිසරයට හිතකර ලෙස දහනය කෙරෙන මේ ඉන්සිනරේටරය ස්ථාපනය කිරීමේ අවස්ථාවට තානාපති කාර්යාල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මේ ඉන්සිනරේටරය ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ සහ වායුසමන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන බොස්ටන් ඩිවයිසස් පෞද්ගලික සමාගම හඳුන්වා දුන් අතර, එය මේ වන විට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික රෝහල්, කර්මාන්තශාලා, සංචාරක හෝටල් වැනි ආයතන අතර ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙන බව බොස්ටන් ඩිවයිසස් ලංකා සමාගමේ (www.bostondevices.lk) කළමනාකාර අධ්‍යක්ෂ මංජුල නවරත්න මහතා පැවැසීය.

ජපන් තාක්ෂණයෙන් නිපද වූ මේ ඉන්සින්රේටරයෙන් අපද්‍රව්‍ය සෙල්සියස් අංශක දහසකට අධික උෂ්ණත්වයකින් දහනය කෙරෙයි. එවැනි අධික තාපයකින් දහනයේ දී අහිතකර වායු විමෝචනය අවම අතර අතුරු ඵලයක් ලෙස සියුම් අළු ඉතිරි වේ. අපද්‍රව්‍ය දහනයේ දී ඩයොක්සීන, පියුරීන් වැනි විෂ වායු පිටවීම සම්පූර්ණයෙන්ම වැළකේ. මේ යන්ත්‍රයෙන් උණු ජලය සහ හුමාලය ලබා ගත හැකි වීම ද අමතර වාසියකි. ශ්‍රී ලංකාවේ පරිසර නීති රෙගුලාසිවලට අනුකූලව මේ සංයුක්ත ඉන්සිනරේටරය අවම ඉන්ධන ප්‍රමාණයකින් ක්‍රියා කරන අතර ගැසිෆිකේෂන් (Gasification) දහන ක්‍රියාවලියෙන් අපද්‍රව්‍ය පූර්ණ දහනයකට ලක් වේ. භූමිතෙල් ඉතා අඩු ප්‍රමාණයකින් මෙය ක්‍රියාත්මක කළ හැකිය. දහනයට පෙර අපද්‍රව්‍ය කිසිදු පූර්ව ප්‍රතිකාරක ක්‍රියාවලියකට හෝ තේරීමකට ලක් නොකිරීම ද විශේෂත්වයකි. සුළු පෙර පුහුණුවකින් පසු ක්‍රියාත්මක කළ හැකි මේ සංයුක්ත ඉන්සිනරේටරය එක් දහන චක්‍රයක් පැයකින් පමණ අවසන් කරයි.

නව අදහස දක්වන්න