ඩෙංගු අවධානම යළි ඉහළට | දිනමිණ

ඩෙංගු අවධානම යළි ඉහළට

ප්‍රදේශ රැසක ඩෙංගු රෝග ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ, මේ හේතුවෙන් රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවයි.

මේ වනවිට සතියකට ඩෙංගු රෝගීන් 200 ක් පමණ වාර්තා වී අැති අතර රෝගින් වැඩි වශයෙන් වාර්තා වන්නේ බස්නාහිර, වයඹ, සබරගමුව හා නැගෙනහිර පළාත්වලින්ය.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 16 ක් වාර්තාවී ඇති අතර රෝගය වැළදී ඇති පිරිස 18,000 කට අධික වේ.

නව අදහස දක්වන්න