අෂාන් සහ ඉවෝන් කිරුළ රැක ගනිති | දිනමිණ

අෂාන් සහ ඉවෝන් කිරුළ රැක ගනිති

ගීෂා මුණසිංහ

වෙඩිසිංහ අභියෝගතා කුසලානය ඉමල් මංචනායකට

වලව සුපර්ක්‍රොස් තරග බිමේ එස්.එල්./ජී.ටී.සුපිරි මෝටර් රථ තරග ඉසව් ද්විත්වයේ ආධිපත්‍ය පතුරුවාලූ අෂාන් සිල්වා පසුගිය වසරේ දිනාගත් දක්ෂතම රියැදුරු සම්මානය රැක ගැනීමට සමත්වෙයි. ඔහු මෙවර තරගාවලියේ කාගෙත් අවධානය දිනාගත් උද්වේගකාරී එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා තරග ඉසව් ද්විත්වමය ජයගත්තේ කිසිදු අභියෝගයකින් තොරවය.

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රීක ඉංජිනේරු රෙජිමේන්තුව අටවැනි වරටත් ශ්‍රී ලංකා මෝටර්සයිකල් ක්‍රීඩා සමාජ සංවිධානය (SLMC) සමඟ එක්ව ඇඹිලිපිටිය සෙවනගල “ක්‍රාෆ්ට්මන් ඔටෝඩ්‍රොම්” ධාවන පථයේ දී පසුගියදා පැවැත්වූ වලව සුපර්ක්‍රොස් 2018 මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි සම්මානය රැක ගැනීමට පසුගිය වසරේ ශූරයා වූ ඉවොන් බියාජි ගුරුසිංහ සමත්වූයේ තියුණු සටනකින් පසුවය. ඔහු එම්.එක්ස්. කාණ්ඩයේ 175 - 250සී.සී.(4ටී) /100 – 125 සී.සී. (2ටී) - පළමු ශූරතා තරගයෙන් දෙවැන්නා වෙමින් හා දෙවැනි ශූරතා තරගයෙන් ප්‍රථමයා වෙමින් මේ දස්කම පෑවේය.

සුපිරි යතුරුපැදි තරග ඉසව් ජයග්‍රහණයට අමතරව ඉවෝන් බියාජී ගුරුසිංහ ‘එම්.’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 175 -250 සී.සී.(4ටී)/ 100 – 125 සී.සී. (2ටී) තරග ඉසව් ද්විත්වයත් ජයගත්තේය. ඛේදජනක අනතුරකින් ජීවිතයෙන් සමුගත් මෙරට යතුරුපැදි තරගබිමේ විශිෂ්ට ක්‍රීඩකයකු වූ ආනන්ද වෙඩිසිංහ අනුස්මරණය කරමින් පසුගිය වසරේ වලව තරග බිමට එක්වූ ආනන්ද වෙඩිසිංහ අභියෝගතා කුසලාන තරගයේ ජයග්‍රාහකයා වූ ඉමල් මංචනායක මෙවරත් එය අත්පත් කරගැනීමට සමත්වීම විශේෂත්වයකි. හෙතෙම ‘එස්.එම්.’ සුපර් මෝටාර්ඩ් 250 – 750 සී.සී. (4ටී)/125 – 500 සී.සී. (2ටී) තරග ඉසව් ‍ද්විත්වයම ජයගත්තේය.

එස්.එල්./ජී.ටී. මෝටර් රථ මෙන්ම එස්.එල්./එච්. හා ෆොඩ්ලේසර් - මැස්ඩා මෝටර් රථ තරගකර ඉසව් ඇතුළත්ව මෝටර් රථ තරග ඉසව් 11කින් හා එම්.එක්ස්. මෝටර් ක්‍රොස්, එස්.එම්.සුපර්මෝටාර්ඩ්, එම්. කාණ්ඩයේ ස්ට්‍රෙල් ට්‍රේල් යතුරුපැදි ඉසව් ඇතුළත් යතුරුපැදි තරග ඉසව් 12කින් වර්ණවත් වූ වලව සූපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම රියැදුරා බවට පත්වූ අෂාන් සිල්වාට ‘ඩීමැක්’ යතුරුපැදියක් සමඟ මුදලින් රුපියල් 50,000 ක මුදලක් පිරිනැමුණු අතර දක්ෂතම ධාවකයා ලෙස සම්මාන දිනූ ඉවොන් ගුරුසිංහට ‘ඩීමැක්’ යතුරුපැදියක් සමඟ මුදලින් රුපියල් 50,000ක මුදල් ත්‍යාගයක් ප්‍රදානය කෙරිණි.

මෙවර තරගාවලියේ යතුරුපැදි කණ්ඩායම් ශූරතාව හොන්ඩා කණ්ඩායම විසින් දිනා ගත් අතර අනුශූරතාව සියැට් කණ්ඩායමට හිමිවිය.

තරග ප්‍රතිඵල

යතුරුපැදි

‘එම්.’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 125 සී.සී.

1.එම්.එන්. පෙරේරා (නාවික)

2. නිහාල් විජේරත්න (යුද)

3. කේ.ඒ.ඩී.රවීෂ ජයශාන් (යුද)

‘ජේ.’ කාණ්ඩයේ එම්. එක්ස්.12 න් පහළ

1. හිරුශ පාදුක්ක

2. ඉරෝෂ සුමනසේකර

3. ඩිල්ෂා කෙවිටියාගල

‘එම්.’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 175 -250 - පළමු තරගය

1. ඉවෝන් බියාජී ගුරුසිංහ

2. ළහිරු ජීවන්ත

3. සනුක ජයනා සඳරුවන්

එම්. එක්ස්. 65 - 85/150 සී.සී. 15න් පහළ - පළමු තරගය

1. ස්ටෙෆාන් ප්‍රනාන්දු

2. කේසර ගොඩගේ

3. ඩි.එම්.ඩී. කල්හාර

එම්.එක්ස්.රේසිං 100 - 125 සී.සී.(2ටී.)

1 බුද්ධික කසුන් සිල්වා (යුද)

2 ළහිරු ජීවන්ත (යුද)

3 කමල්ඩීන් හම්සා

‘එස්.එම්.’ සුපර් මෝටාර්ඩ් - පළමු තරගය

1. ඉමල් මංචනායක

2. දේශාන් සොලංකී

3. උද්ධික ශ්‍රීමාල් මලවිගේ

එම්.එක්ස්. කාණ්ඩයේ - පළමු තරගය

1. බුද්ධික කසුන් සිල්වා

2. ඉවෝන් බියාජී ගුරුසිංහ

3. ගයාන් සඳරුවන්

‘එම්.’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 175 -250 - දෙවැනි තරගය

1. ඉවෝන් බියාජී ගුරුසිංහ

2. ළහිරු ජීවන්ත

3. සනුක ජයනා සඳරුවන්

එම්. එක්ස්. 65 - 85/150 සී.සී. 15න් පහළ - දෙවැනි තරගය

1. ස්ටෙෆාන් ප්‍රනාන්දු

2. කේසර ගොඩගේ

3. ඩි.එම්.ඩී. කල්හාර

‘එස්.එම්.’ සුපර් මෝටාර්ඩ් - දෙවැනි තරගය

1. ඉමල් මංචනායක

2. බුද්ධික දිනේෂ්

3. දේශාන් සොලංකී

එම්.එක්ස්. කාණ්ඩයේ -දෙවැනි තරගය

1. ඉවෝන බියාජී ගුරුසිංහ

2. බුද්ධික කසුන් සිල්වා

3. ගයාන් සඳරුවන්

මෝටර් රථ

එස්.එල්./ඊ. 1000 සී.සී. නිසාන් මාච්

1. මිහාන් පිරීස්

2. එම්.එම්.ඒ. ජයන්ත

3. දිලූප පල්ලීයගුරු

එස්.එල්./ඊ. 1300 සී.සී. ෆෝඩ් ලෙසර් මැස්ඩා

1. දෙවින් සේරසිංහ

2. ඉඳුවර සේනාධීර

3. ශාමේල් වෑගොඩපිටිය

එස්.එල්./එන්. 1300 සී.සී. ෆෝඩ් ලෙසර් මැස්ඩා

1. ශෙනාල් ගුණවර්ධන

2. ඉමේෂ් සිල්වා

3. උපුල්වන් සේරසිංහ

‘එස්.එල්./එච්.’ කාණ්ඩයේ 2200 සී.සී. සුභාරු ලෙගසී

1. බුද්ධික රුක්ලන්ත

2. නයිජල් පෙරේරා

3. ෂීරාන් ඩූල්

එස්.එල්./ එන්. ෆෝඩ් ලේසර්/ මැස්ඩා 1500 සී.සී.

1. කුෂාන් පිරීස්

2. ශෙනාල් ගුණවර්ධන

3. උපුල්වන් සේරසිංහ

එස්.එල්./ඒ. 1050 සී.සී. (නවීකරණය කරන ලද)

1. දුමින්ද අමරසිංහ

2. මයිකල් විජේසූරිය

3. චාමික රණතුංග

එස්.එල්./ජී.ටී. 3500 සී.සී. පළමු තරගය

1. අෂාන් සිල්වා

2. මිස්සක නවීන්

3. උෂාන් පෙරේරා

5500 සී.සී. ට්‍රැක්/ජීප් රථ (ඩීසල්)

1. බුද්ධික රුක්ලන්ත

2. කසීම් වහාබ්

3.ලුතිනන් කර්නල් රන්දි ජයසිංහ

එස්.එල්./එච්. 1618 සී.සී.

1. කුෂාන් පිරීස්

2. සකීර් වාහාබ්

3. උපුල්වන් සෙරසිංහ

5500 සී.සී. ට්‍රැක්/ජීප් රථ (විවෘත)

1. ඉෂාක් වහාබ්

2. දිනේෂ් සේනානායක

3. ශිරාන් මුතුතන්ත්‍රී

එස්.එල්./ජී.ටී. 3500 සී.සී. දෙවැනි තරගය

1. අෂාන් සිල්වා

2. උෂාන් පෙරේරා

3. ටිරෝන් හෙන්දවිතාරණ

නව අදහස දක්වන්න