සහන කප්පාදුවට එරෙහිව විරෝධතාවක් | දිනමිණ

සහන කප්පාදුවට එරෙහිව විරෝධතාවක්

ගොවි ජනතාවගේ සහන කප්පාදු කරමින් ගොවියා ගොවිතැනින් ඈත් කිරීමට රජය දරණ උත්සාහයට විරෝධය පලකරමින් හම්බන්තොට ගොවිහු අම්බලන්තොට නගරයේ දී අද විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

ගොවි ජන අයිතින් සුරැකිමේ සංවිධානය මගින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුනි.

අම්බලන්තොට ගිරිහඩු විහාරය අසල සිට පා ගමනින් අම්බලන්තොට නගරයට පැමිණි ගොවීහු අම්බලන්තොට ඔරලෝසු කණුව ඉදිරිපිට දී විරෝධතා වක නිරත වූහ.

මෙහි දී අදහස් දැක්වූ රිදියගම ඒකා බද්ධ ගොවි සංවිධානයේ ලේකම් ශෂී එදිරිසූරිය කියා සිටියේ පෙර පරිදි රජයේ පොහොර සහනාධාරය යළි ලබා දෙන ලෙසත්, වීවලට තිබූ සහතික මිළ යළි ලබා දෙන ලෙසත්ය.

ඉදිරියේදී දිගින් දිගටම විරෝධතා සිදු කරන බවත් මෙය ආරම්භයක් පමණක් බවද කිය. 

(ලුණම සමූහ සනත්ගමගේ)

 

නව අදහස දක්වන්න