මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ පැවැත්විණි.
විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් පිළිගැනීමෙන් අනතුරුව විද්‍යාලයේ තෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරිණ.
විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය නිමිත්තෙන් සංවිධානය කෙරුණු වෙළෙද සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිවරයා එක් විය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය වී. රාධකි‍්‍රෂ්නන්, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන අය ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද, විදුහල්පති ඒ.එම්. හලීම් ඉෂාඩ් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නව අදහස දක්වන්න