විනිසුරු ගිහාන් පිලපිටියට ස්ථාන මාරුවක් | දිනමිණ

විනිසුරු ගිහාන් පිලපිටියට ස්ථාන මාරුවක්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියට ජනවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර දිසා විනිසුරුවරයා ලෙස ස්ථාන මාරුවීමක් ලබාදී තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ ස්ථාන මාරුවීම ලබාදී ඇත.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වාර්ෂික මාරුවීම් යටතේ විනිසුරුවරුන් කිහිපදෙනෙකුට මෙවර ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇති බවයි.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඊයේ පස්වරුවේ රැස් වී අදාළ ස්ථාන මාරුවීම් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ඒ අනුව කඩිනමින් අදාළ ස්ථාන මාරුවීම් පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න