මැතිවරණයට සූදානම් වන්න - මහින්ද දේශප්‍රිය | දිනමිණ

මැතිවරණයට සූදානම් වන්න - මහින්ද දේශප්‍රිය

වයස අවුරුදු දහ අට සැපිරීම මෙරට සර්වජන ඡන්ද අයිතිය වුවද අවුරුදු දහ නවයයි මාස හතරකට වඩා වැඩි වයසක් ඒ සදහා මෙරට සෑම පුරවැසියකුම සැපිරිය යුතුයැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

නව වැඩපිළිවෙළක් මගින් අවුරුදු දහ අටයි මාස දෙකක වයසක් සපුරන සෑම පුරවැසියෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඉදිරියේදී උදාකර දෙන බව ඔහු මෙහිදී කීය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍යවේදීන්ගේ හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

මැතිවරණ ලේකම් කාර්යාලය හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධානය කැර තිබිණි.

තරුණ ඡන්ද දායකයන් වෙනුවෙන් තරැණ පරිපූරක ලැයිස්තුවක් සකස් කිරීම ඔස්සේ මෙය සිදු කරන බවත් එමගින් ජූනි 01 දිනට අමතරව ඔක්තොම්බර් හා පෙබරවාරි 01දින දිනයන්හිද තරුණයන් වෙනුවෙන් පරිපුරක ලැයිස්තු සකස් කරන බව ඔහු කීය.

එමගින් මැතිවරණය ප්‍රකාශයට පත්කරන විට අවුරුදු දහ අටයි මාස ‍දෙකක වයසක් සැපිරෙන මෙරට තරුණ පිරිස්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන බවද දේශප්‍රිය පැවසීය.

අවුරුදු දහ අට සපිරෙන විටම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාකර දීම අසීරු බවද නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ඔස්සේ සර්වජන ඡන්දදායකයකු වීමට තිබෙන අයිතිය මාස දෙකක කාලයකට පමණක් ගැටලුවක් වන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ මහින්ද දේශප්‍රිය මෙසේද කීය.

මැතිවරණයන්හිදි ඒ ඒ අපේක්ෂකයන් මැතිවරණ සදහා කරන වැය කිරීම් සීමා කිරීමට හැකියාවක් නැහැ.

එහෙත් එලෙස සිදුකරන වැයකිරීම්හි වියදම් වාර්තා ලබා ගැනීම සදහා වැඩපිළවෙළක් මේවන විට යෝජනා වී තිබෙනවා.පාර්ලිමේතුව නියෝජනය කරන දේශපාලන පක්ෂ තේරීම් කම්ටුවක් මගින් මෙම වැඩපිළවෙළ සකස් කළ යුතුයි.1977 ට පෙර මෙවනි ක්‍රමයක් තිබුණා.

වියදම් වාර්තා නිසි ලෙස ලබා නොදුන් විට එදා අතමුන්ගේ මන්ත්‍රී ධූරය පමණක් නොව ඡන්ද අයිතියද අහිමි වුණා.

ඇතැම් පිරිස් කතා කරනවා පරාද වුණු අය කොහොමද පාර්ලිමේන්තු එන්නේ කියා ඒ ඒ පක්ෂ වලට සුදුසු අයගේ නම් යෝජනා කැර එවන ලෙස දැනුම් දෙනවිට පැහැදිළිව සදහන් කැර තිනෙවා යම් කිසි නාමයොජනා පත්‍රයක නම සදහන් කැර තිබිය යුතුයි යන්න ජාතික ලැයිස්තුවෙන් හෝ යම් දිස්ත්‍රික් ලැයිස්තුවකින් එලෙස අපේක්ෂක ලැයිස්තුවක නම තිබිය යුතුය.

දහ නව වන සංශෝධනය අනූව ද්විත්ව පුරවැසියකුට ඡන්ද බලය හිමි වුවත් මැතිවරණයකට තරග කළ නොහැකියි.සමහරුන් අහනවා එය තේරිම් භාර නිළධාරියකුට එය ප්‍රතික්ෂේප කළ නොහැකිද කියලා.

මැතිවරණ පණතේ එලෙස ප්‍රතික්ෂේප කළ හැකි කරුණු හයක් පැහැදිළිව සදහන් කැර තිබෙනවා.මේවා බැලූ බැල්මට විද්‍යාමානවිය යුතු කරුණුය.

නමුත් ද්විත්ව පුරවැසි බාවය පිළිබදව එලෙස සදහනක් නැහැ මේ සදහා අධිකරණයකට යා යුතුයි. උතුරු මැද,සබරගමුව,නැගෙනහිර පළාත් සභාවන්හි නිළ කාළය ලබන සැප්තැම්බර් වලින් අවසන් වෙනවා.ඒ නිසා ඒ මැතිවරණයට අප සූදානම් විය යුතුය.පළාත් පාළන මැතිවරණයට අදාළ සීමා නිර්ණය ගැසට් කැර සභික සංඛ්‍යාව සංස්ථාපනය පිළිබද ගැසට් පත්‍රයද නිකුත් වී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.ටී හිට්සේකර, මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ටී.ඒ.සී.එම්.තලංගම යන මහත්වරුද මෙම අවස්ථාවට එක්විය.

(ඉන්දික පොල්කොටුව)

නව අදහස දක්වන්න