සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ්රලියාව අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 02.00 ට පමණ තරගය ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියේ පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට ක්‍රීඩා කරන්නේ ඉහළ මානසිකත්වයකින් යුතුවයි.
අද තරගය ජයගැනීමට හැකි වුවහොත් තරගාවලියේ ජයග්‍රහණය ද අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිය.
එමෙන්ම ඔස්ටේ්රලියාවේදී දෙරට අතර මෙතෙක් පැවති විස්සයි විස්ස තරගාවලි දෙකම ජයගෙන ඇත්තේ ද ශ්‍රී ලංකාව වීම විශේෂත්වයක්.
මේ අතර පළමු තරගයට ක්‍රීඩා කළ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු වෙනසකින් තොරව අද තරගයට ක්‍රීඩා කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේ පළමු තරගය ජයගැනීමට හැකි වීම හේතුවෙන් ඉහළ මානසිකත්වයකින් යුතුව අද තරගයට ක්‍රීඩා කරන බවයි.
අද තරගය සදහා ක්රිඩාකරන ක්‍රීඩකයින් -
|
||
නව අදහස දක්වන්න