මන්ත්‍රී රොෂාන් රණසිංහට ඇප | දිනමිණ

මන්ත්‍රී රොෂාන් රණසිංහට ඇප

පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂ කාර්යාලයකට වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහට අද ඇප නියම කෙරිණ.

ඒ පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.

අනතුරුව මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තව දුරටත් තහනම් කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී ඔහු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

පොළොන්නරුව - අරලගංවිල ප්‍රදේශයේදී පසුගිය ජනවාරි 3 වනදා වෙඩි තබා පුද්ගලයින් බිය ගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.

නව අදහස දක්වන්න