Monday, ජනවාරි 2, 2017 - 14:30
අමෙරිකාවේ හිටපු ශ්රී ලංකා තානාපති ජාලිය වික්රමසූරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ අනුව ඔහු ජනවාරි මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙයි.
ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂ තිස් දහසක් (රුපියල් 49602300) අව භාවිත කළැයි රිමාන්ඩ් බාරයේ සිටින ඇමෙරිකාවේ හිටපු ශ්රී ලංකා තානාපති ජාලිය වික්රමසූරියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ඔහු අද අධිකරණයට ඉදිරිපත් නොකළ බන්ධනාගාර නිලධාරීහු සැකකරු බන්ධනාගාර රෝහලේ ප්රතිකාර ලබන බව අධිකරණයට දැනුම් දුන්හ.
නව අදහස දක්වන්න