‘රිමූව්-ඩෙබ්‍රීස්' උඩු ගුවනට | දිනමිණ

‘රිමූව්-ඩෙබ්‍රීස්' උඩු ගුවනට

අභ්‍යවකාශ කසළ රැස් කරන පරීක්ෂණ උපකරණයක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. 'රිමූව්-ඩෙබ්‍රීස්' නම් එය රැගෙන යන ලද්දේ කුඩා චන්ද්‍රිකාවකට සමාන යානයක් මගිනි. එය කසළ හඳුනා ගැනීමේ සහ රැස්කිරීමේ තාක්ෂණය අභ්‍යවකාශයෙහි අත්හදා බලනු ඇත.

'රිමූව්-ඩෙබ්‍රීස්' පද්ධතිය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ගන්නා අතර එළඹෙන මැයි මාසයේදී එහි පරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අභ්‍යවකාශගාමීන් කටයුතු කරනු ඇත.

මේ වන විට ටොන් 7500කට වඩා අනවශ්‍ය ලෝහමය ද්‍රව්‍ය පෘථිවිය වටා කැරකෙමින් පවතින අතර අභ්‍යාවකාශගාමීන් පවසන්නේ අභ්‍යාවකාශයේ කසළ දිනෙන් දින ඉහළ යාම ගැටලුවක් වී ඇති බවයි.

අනාගතයේ අභ්‍යවකාශ අපද්‍රව්‍ය ඉවත් කරන ආකාරය පැහැදිලි කරදීමට 'රිමුව්-ඩෙබ්‍රීස්' සමත් වනු ඇති අතර තමන්ගේ අපද්‍රව්‍ය ද අභ්‍යවකාශයට නිකුත් කර, නැවත ඒවා කසළ ලෙස රැස් කර ගනු ඇති බව මේ පිළිබඳ විස්තර කරමින් ඊට පෙරමුණ ගත් එක්සත් රාජධානියේ සරේ විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි.

නව අදහස දක්වන්න