කුරුණෑගල පළාත් පාලන ආයතන 24කට ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන | දිනමිණ

කුරුණෑගල පළාත් පාලන ආයතන 24කට ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන

වයඹ පළාතේ පළාත් පාලන ආයතනවල කසළ ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමේ පියවරක් වශයෙන් මේ වන විට පළාත් පාලන ආයතන විසිහතරක ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබේ.

කසළ ප්‍රශ්නය ක්‍රමානුකූලව විසඳීම සඳහා වයඹ පළාත් සභාවේ සහාය මත යෝග්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී වයඹ පළාතේ පළාත් පාලන ආයතන තිස්තුනක් අතරින් මේ වන විට ආයතන විසිහතරක් තුළම මෙම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට හැකි වී ඇත. මෙම කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් රුපියල් දසලක්ෂ විස්සක මුදලක් ද වයඹ පළාත් සභාව මඟින් වෙන්කර තිබේ.

මෙම 2018 වර්ෂය අවසන් වීමට ප්‍රථම පළාතේ ඉතිරි පළාත් පාලන ආයතනවලද ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවීම අවසන් කිරීමටත්, ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කසළ ඉන්ධන ලෙස යොදා ගැනීම සඳහා වැඩපිළිවෙළක් යෙදීමටත් වයඹ පළාත් සභාව බලාපොරොත්තු වෙයි.

එම්. මහරුප් කුරුණෑගල දකුණ සමූහ

නව අදහස දක්වන්න