ඖෂධ නිසා ඇතිවන අතුරු ආබාධ වළක්වා ගන්නේ මෙහෙමයි | දිනමිණ

ඖෂධ නිසා ඇතිවන අතුරු ආබාධ වළක්වා ගන්නේ මෙහෙමයි

කුඩා දරුවකුගේ සිට මහලු අය දක්වා ඕනෑම කෙනකුට ඖෂධ නිසා අතුරු ආබාධ හට ගැනීම සාමාන්‍ය දෙයකි. මොවුන් අතරිනුත් ශරීරය දුර්වල මට්ටමේ පවතින අයවලුන් හට, ඖෂධවල අතුරු ආබාධ ප්‍රවණතාව වැඩි ය.

ඇතැම් රෝග සඳහා දීර්ඝ කාලීනව ගන්නා ඖෂධවලින් අතුරු ආබාධ ඇතිවීම සාමාන්‍ය ය.‍‍ එහෙත්, දීර්ඝ කාලීනව ලබා ගන්නා ඖෂධවලින් පමණක් නොව, කෙටිකාලීනව ලබා ගන්නා ඖෂධවලින් පවා අතුරු ආබාධ ඇතිවීම දැකගත හැකි තත්ත්වයකි. වෛද්‍ය මතය වන්නේ, එක් වරක් පමණක් ගත් ඖෂධයකින් පවා අතුරු ආබාධ ඇතිවිය හැකි බව ය. මෙසේ ඇති වන අතුරු ආබාධ එකකට එකක් වෙනස් ය. රෝගයක් සඳහා ඖෂධ භාවිත කිරීම සාමාන්‍ය දෙයක් නිසා, එයින් අතුරු ආබාධ ඇති වීම ද සාමාන්‍ය ය. එහෙත්, අතුරු ආබාධවලින් වැළකී සිටීමට රෝගීන් සැලකිලිමත් විය යුතු ය. ඒ සඳහා පහත උපදෙස් පිළිපැදීම වැදගත් ය.

• වෛද්‍යවරයෙක් නියම කළ ඖෂධ නියමිත මාත්‍රාවෙන්ම සහ නියමිත වාර ගණනටම ලබා ගැනීමට වගබලා ගැනීම.

• ඖෂධ භාවිත කිරීමට පෙර කළ යුතු වෛද්‍ය පරීක්ෂණ වෛද්‍යවරයා විසින් නියම කර ඇත්නම්, වෛද්‍ය උපදෙස් මත එය නිසි පරිදි සිදු කර ගැනීම.

• ඖෂධ භාවිත කිරීමේදී සෑම විටෙකම වෛද්‍ය උපදෙස් අනුවම කටයුතු කිරීම.

• ඇතිවන ආසාත්මිකතා සම්බන්ධයෙන් වෛද්‍යවරයා දැනුම්වත් කිරීම.

• වෛද්‍යවරයෙක් ඖෂධ නියම කරන සැම අවස්ථාවකදීම, ඖෂධ නිසා පෙර ඇති වූ ආසාත්මිකතා සම්බන්ධයෙන් වෛද්‍යවරයා දැනුම්වත් කිරීම .

උපදෙස්-

මිනුවන්ගොඩ රෝහලේ දිස්ත්‍රික් නිලධාරී වෛද්‍ය ජයන්ත අත්තනායක

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න