නීතිවිරෝධී ධීවර යාත්‍රවලට දැඩි නීති | දිනමිණ

නීතිවිරෝධී ධීවර යාත්‍රවලට දැඩි නීති

ඉදිරියේ දී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදී සිට අත් අඩංගුවට පත්වන ධීවර යාත්‍රා සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක වනු ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.

ධීවර හා ජලජසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගිය මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විදේශීය ධීවර යාත්‍රා පනතට මේ වනවිට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇති අතර එය ගැසට් කිරිම සඳහා කතානායකවරයාගේ අනුමැතිය ද ලැබී ඇත.

එම පනත යටතේ නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වන විදේශීය ධීවර යාත්‍රා සඳහා රුපියල් මිලියන 1.5 සිට මිලියන 175 දක්වා දඩයකට යටත් කළ හැකිය. එමෙන්ම සිර දඩුවම වසරක් දක්වා දීර්ඝ කර තිබෙන බව ද ධීවර අමාත්‍යාංශය පවසයි.

නව අදහස දක්වන්න