ගසේ තිබියදීම ඉබේ ලෙලි දිග හැරෙන දෙවොල් රත් කෙසෙල් | දිනමිණ

ගසේ තිබියදීම ඉබේ ලෙලි දිග හැරෙන දෙවොල් රත් කෙසෙල්

ගොඩගම - ප්‍රියංගි ජයසිංහ

අතීතයේ පටන් පැවත එන විවිධ වූ කෙසෙල් වර්ගවලින් , ඉදුණු පසු ගසේ තිබියදීම ස්වාභාවිකවම ඉබේ ලෙලි දිග හැරෙන ලොව තිබෙන එකම කෙසෙල් වර්ගය ලෙස මේ දෙවොල් රත් කෙසෙල් වර්ගය හැදින්වෙන අතර , මේ කෙසෙල් වර්ගය විදේශීය විසිතුරු කෙසෙල් කුලයේ ශාකයක් බව පැවසේ .

අනෙක් කෙසෙල් ගස් මෙන් උස්ව නොයන මේ ගස අඩි තුන හතරක් පමණ උස යන අතර කෙසෙල් ගසේ වට ප්‍රමාණය අඟල් තුන හතරකින් පමණ යුක්ත වේ.

මෙහි මුහය පිදීමේ දී එය පහළට නොනැමෙන අතර ගසේ උඩු අතට පීදෙන කෙසෙල් මුහයේ පියන්පත් විවර වන්නේ ගෙඩි අග හටගත් විශාල මල් ප්‍රමාණයකින් යුක්තවය . ඉතා හොදින් වැදුණු කෙසෙල් ගසක කෙසෙල් මලක් පීදීමෙන් පසුව මසක පමණ කලකින් කෙසෙල් මල පැසෙන අතර ඇවරි තේරී අවසන් වීමෙන් පසු කෙසෙල් මුහය ස්වභාවිකවම නැතිවී යයි . මෙම කෙසෙල් වර්ගය විශාල පෝච්චියක උවද වගා කිරීමට හැකියාව ඇත. 

 

 

නව අදහස දක්වන්න