පැවැත්වුණේ පලාත් පාලන ඡන්දයක් ප්‍රතිඵලය ගැන කලබල විය යුතු නෑ | දිනමිණ

පැවැත්වුණේ පලාත් පාලන ඡන්දයක් ප්‍රතිඵලය ගැන කලබල විය යුතු නෑ

 

මිනීමරුවන්ට හොරුන්ට හරි තීන්දුව දුන්න නම් මේ ප්‍රතිඵල උරුම නොවන බව ඇමැති අර්ජුන කියයි

පැවැත්වුණේ පළාත් පාලන මැතිවරණයක් බැවින් ප්‍රතිළුල ගැන එතරම් කළබල නොවිය යුතු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

වැදගත් වෙන්නේ තියෙන වැරදි හදාගෙන ඉදිරියට යාම බවත් මිනීමරපු අය, දූෂිතයෝ, හොරකම් කරපු අයට හරි තීරණ දුන්නා නම් මෙම ප්‍රති‍ඵලය උරුම නොවන බවත් ඇමැතිවරයා කීය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උතූරු පළාත් ඉන්ධන බෙදුම්කරුවන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වීමෙන් පසු මාධ්‍යයට දැක්වු අදහස් දක්වමින් මේ බව පැවැසීය.

පහුගිය 2015 ජනවාරිවල මේ රටේ මහජනතාව වරමක් දුන්නා ජනාධිපතිතුමාට ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් දෙදෙනාටම බලයක් දෙන්නේ නැතිව වරමක් දුන්නා ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා රටේ ප්‍රශ්න විසඳන්න කියලා. හැබැයි අපි අවුරුදු 3ක් මේ රට පාලනය කලා. පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී මේ රටේ හැමපැත්තෙන්ම මහජනතාව වෝර්නින් එකක් දුන්නාඔබතුමාල කියපු දේවල් කලේ නෑ කියල. ඉතින් මම හිතන්නේ ඒක හොඳ කාලෙට ආවේ.

තව අවුරුදු 2ක් තියෙනවා මැතිවරණයට. අපි ආණ්ඩුවක් හැටියට අපේ තියෙන අඩුපාඩු හදාගෙන අපි කරපු දෙවල් මහජනතාවට දැනුවත් කරන ගමන් මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතුයි. මේ රටේ මහජනතාව වරම ලබල දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ටත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන්ටත් පක්ෂ දේශපාලනය පිට තියල රටේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න කියල. මම හිතනවා ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒ ඉල්ලීම අහක දාන්නේ නැතිව තමන් බාරගත්ත ක්‍රමවේදය ඉදිරියට ගෙනියාම තමයි වැදගත් වෙන්නේ. මොකද දේශපාලනයට පක්ෂ දේශපාලනය අවශ්‍ය වෙන්න පුලුවන්.

නමුත් අද අපි රටේ ඉන්න තත්ත්වය අනුව පක්ෂ දේශපාලනයට වඩා රටේ දේශපාලනය අවශ්‍ය වෙනවා. අද ලෝකයේ අපි පිළිගත්ත ජාතියක් බවට පත් වෙලා තියෙනවා. අද සංවර්ධන කටයුතු කරගෙන යනවා. අපි දුන්නු පොරොන්දු හුගක් දුරට අපිට ඉෂ්ඨ කරන්න බැරි වීම තමයි ඒ කියන්නේ අපරාධකාරයෝ අල්ලනවා, හොරු අල්ලනවා කියල කිවුවා ඒවා අපිට කරන්න බැරි වුණා. ඉතින් එවා කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මම දේශපාලන තත්ත්වය අනුව මේ ජාතික ආණ්ඩුව ඉදිරියට යා යුතුයි.

මොකද තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්නේ නැතිව දේශපාලනයට සල්ලි වියදම් කරල මන්ත්‍රීවරුන් අල්ලගෙන මේ ජාතික ආණ්ඩුව විනාශ කරන්න හදනවා. මේක ලොකුම පාපයක්. අද රටේ ඔක්කොම ජාතීන් එකමුතුව රට ශ්‍රී ලංකාව හැටියට ඉදිරියට ගෙනියන වේලාවේ මෙවැනි දේවල් සිදුනොවිය යුතුයි. ඒකේ වගකීම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඒ දෙන්නා එකට ඉඳගෙන තියෙන ප්‍රශ්න විසඳගෙන මේ ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනියයි කියලා.

ප්‍රශ්නය - සුසිල් ප්‍රේමජයන්ත මහතා කියල තියෙනවා පක්ෂෙට අලුත් අය ගන්න බෑ කියල‍‍‍‍‍‍.

පිලිතුර - නෑ. එක එක්කෙනා එක එක දෙවල් කියන්න පුලුවන්. මේ ආණ්ඩුව හදනකොට ඉස්සල්ලම එළියට බැහැපු කෙනෙක් මම. මොකද මම විතරක් නෙමෙයි අපි කිහිප දෙනෙක් එළියට බැස්සා මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතිකරන්න. ඒක තමයි මේ රටේ මහජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ මහජනතාව බලාපොරොත්තු වුනේ නෑ බඩුමිල අඩු කරන්න, ඒ ගොල්ලෝ කිවුවේ නෑ තවත් සහන දෙන්න කියල. නමුත් අපි ඒවා කලා. නමුත් අපි හොරු අල්ලනවා කිවුවා, දූෂිතයන් අල්ලනවා කිවුවා, හොරකම් නවත්තනවා කිවුවා. නමුත් අපි ඒ කිසිවක් හරියට කලේ නෑ. ඒකට දුන්නු දඬුවමක් තමයි පහුගිය පළාත් පාලන මැතිවරණය. තවත් අපිට අවුරුදු 2 ක් තියෙනවා. අපි ආණ්ඩුව හැටියට වෙනස්කම් කරගෙන ඉදිරියට යන එක තමයි වගකීම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් වැදගත් වෙන්නේ.

ප්‍රශ්නය - 2015 ඔබතුමා නිදහස් පක්ෂය ඉල්ලලා තමයි ආවේ. ආයෙත් ආණ්ඩුවක් හදනව නම් ආයේ එහෙට යනව ද?

පිලිතුර - නෑ. මට තියෙන ප්‍රධානම දේ තමයි රටේ මහජනතාවගේ වරම අපි පිටුපාන්න බෑ. එහෙමනම් මහජනතාවට දෙන්න තිබ්බා ශ්‍රී ලංකා ආණ්ඩුවක්. එහෙම නැත්නම් යූ.ඇන්.පී ආණ්ඩුවක්. එහෙම නැතිව දෙගොල්ලො එකතු වෙලා රට පාලනය කරන ආණ්ඩුවක් තමයි ජනතාව ලබලා දුන්නේ. ඔය අපි ආණ්ඩු හදන කාලේ හිටපු නැති අය එක එක දේවල් කියන්න පුලුවන්. මේක මගේ දැක්ම විතරයි. අපි තීරණයක් ගත යුතුයි ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න.

ප්‍රශ්නය - අලුතින් ආණ්ඩු පිහිටුවන්න යනවා‍. අගමැති වෙනස් කරන්න කියල කියනවා. ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න වෙන්නේ නැහැ කියනවා. එහෙම වෙනසක් කරන්න ඕනද ඔබතුමා සිතන විදිහට. අගමැති තුමා ඉවත් කරල පොහොට්ටුවේ අයත් එකතු කරගෙන යන ගමන සාර්ථක වෙයි කියල හිතනව ද?

පිලිතුර - නෑ. මම හිතන්නේ මෙතනදි වැදගත් විය යුත්තේ මේ පළාත් පාලන මැතිවරණයක් තිබුනේ. මෙච්චර මේකට කළබල වෙන්න දෙයක් නෑ. අපේ තියෙන වැරදි හදාගෙන ඉදිරියට යාම තමයි වැදගත් වෙන්නේ. පොහොට්ටුවට දුන්නේ රජයට විරෝධ ඡන්ද තමයි. ඒක අපි පිළිගන්න ඔනේ. මම කියනවා ආණ්ඩුවක් හැටියට අපේ යම් යම් වෙනස්කම් විය යුතුයි. ඒක අපි හැමදාම කියනවා. ඊට කළින් මම කියන්නේ අර මිනීමරපු අය, දූෂිතයෝ, හොරකම් කරපු අයට හරි තීරණ දුන්නා නම් අපිට මේ තත්ත්වය උරුම වෙන්නේ නෑ. මේක අවුරුදු ගානක් පාර්ලිමේන්තුවෙත් කතා කළා. කැබිනට් මණ්ඩලයේත් කතා කළා. දැන් ඒ වගකීම ජනාධිපතිතුමා අගමැතිතුමා බාර අරගෙන තියෙනවා මේවා හරි විදිහට හදාගන්න.

ප්‍රහ්නය - දැන් මේ හරියට තීරණයක් නැති නිසා රට කැළඹීමට පත් වෙලා තියෙනවා, අස්ථාවර වෙලා තියෙනවා.ඔබතුමා මොකද කියන්නේ? ඉක්මනට විසඳුමක් දෙනව ද?

පිලිතුර - නෑ. මේකෙ අවශ්‍යතාවය වෙන්නේ අපි රටක් ගැනත් බලන්න ඕනේ. පක්ෂෙ ගැන බලන්න ඕනේ නැහැ මේ වෙලාවේ. මොකද රට යන හරි මාර්ගයේ යනකොට ඒවගේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි ඒවා හදාගත්න පුලුවන්. එහෙම නැතිව මේවගේ ලොකු වෙනස්කම් කරන්න හම්බවෙන්නේ නෑ. මේ දේශපාලනයේ බලයේ හිටපු හුඟ දෙනෙක්ට ඕනවෙලා තියෙන්නේ මේ මැතිඇමැතිකම් ගන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මොනම පක්ෂයකවත් මුදලට යට වෙලා මේවා පාවා දීල ඉස්සරහට මේ රට‍ නරක පැත්තට යවන්න කට්ටියක් උත්සහ කරනවනම් මම හිතනවා ඊළඟ මැතිවරණයේ දී ඒ සියලු දෙනාව පරදන්න මේ රටේ මහජනතාව ඉදිරිපත් වෙයි කියල.

නව අදහස දක්වන්න