හොර පත්වීම් දී මුදල් ගැරූ සැක 2ක් රිමාන්ඩ් | දිනමිණ

හොර පත්වීම් දී මුදල් ගැරූ සැක 2ක් රිමාන්ඩ්

පාණදුර සමුහ කපිල සෝමරත්න

කූට ලේඛන සකස්කර වරාය අධිකාරියේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ රැකියා සපයන බවට ව්‍යාජ පත්වීම් දී පාණදුර සහ ඈත පළාත්වල තරුණ තරුණියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනකු පාණදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන ලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලද්දේ ගොන්සාල් බොතේජු රංජිත්ස සහ ඒ ඒ සමන් කුමාර යන දෙදෙනාය ඔහු ළඟ තිබුණු ව්‍යාජ පත්වීම් ලිපි ගණනාවක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර රබාවේ පදිංචි හිරන්තිකා සඳමාලි නැමැත්තියට ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපිකාර තනතුරක් ලබාදීම සඳහා ව්‍යෘජ පත්වීම් ලිපියක් ලබා දී මුදල් ලබා ගැනීම හා මාලිංග රන් බණ්ඩා නැමැත්තාට ලංකා විදුලි බලමණ්ඩලයේ රියදුරු තනතුරක් ලබාදීම සදහා ව්‍යාජ පත්වීමක් සහ තවත් දෙදෙනෙකුට අදාළ මණ්ඩලවල රියදුරු පත්වීම් ලබාදීමට ව්‍යාජ පත්වීම් ලිපි ලබා දී මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ලැබුණපැමිණිලිමත පරීක්ෂණ කළ පාණදුර දකුණු පොලිසියේ විශේෂ අපරාධ සහ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

නව අදහස දක්වන්න