දෙහිඅත්තකණ්ඩිය රෝහලට කුඩම්මාගේ සැලකිලි ඇයි? | දිනමිණ

දෙහිඅත්තකණ්ඩිය රෝහලට කුඩම්මාගේ සැලකිලි ඇයි?

මොරවක නාරද හිමි

මහවැලි සී කලාපයේ ලක්ෂ දෙකකට ආසන්න ගොවි ජනතාවක් ජීවත්වෙති. අම්පාර, බදුල්ල, පොළොන්නරුව යන දිස්ත්‍රික්ක තුනම මහවැලි සී කලාපයට අයත්වන අතර මෙම ගොවි ජනතාව තම සෞඛ්‍ය අවශ්‍යතා සපුරාගැනීමට ඇති එකම මූලික රෝහල දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලයි.

මෙම රෝහල නැඟෙනහිර පළාත් සභාවෙන් ඉවත්කර මධ්‍යම රජයට ගෙන මෙහි ඇති සියලුම අඩුපාඩු සකස් කර දෙන ලෙස එදා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මහවැලි සී කලාපයේ මහා සංඝරත්නය ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

නමුත් මෙහිදී විදේශ ආධාර මත මෙම රෝහල ඒ (A) ශ්‍රේණියේ රෝහලක් ලෙස උසස් කරන බවට පොරොන්දුවක් දී ඇත. ඒ අනුව එම පොරොන්දුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ඉටුකරමින් සිටියි. ඒ (A) ශ්‍රේණියේ රෝහලක් බවට දෙහිඅත්තකණ්ඩිය රෝහල උසස් කරන ගැසට් පත්‍රය ද පසුගිය අගෝස්තු මාසයේ නිකුත් කෙරිණි.

වකුගඩු රෝගීන් බහුලව සිටින මෙම ප්‍රදේශයට අත්‍යවශ්‍ය වන වකුගඩු රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ ඒකකයක් ද ඖෂධ ගබඩාවක් ද රෝගීන්ගේ අයිතියට පැවරූයේ ඒ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසීම් මහතා විසිනි. රෝගීන් බාහිර රෝගීන් වෙනුවෙන් පස්මහල් ගොඩනැගිල්ලක් ද නවීනතම පහසුකම්වලින් යුක්ත වාට්ටු සංකීර්ණයක් ද, සියලු පහසුකම් සහිත හදිසි ප්‍රතිකාර ඒකකයක් ද ලබා දීමට නියමිතය.

බිලියන ගණනනක් වැයකර ගොඩනැගිලි ඇතුළු සියලුම පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දුන්නත් රෝහලට අවශ්‍ය සුළු සේවකයන් ලබාදීමට නැ‍ඟෙනහිර පළාත් සභාව මෙතෙක් සමත් වී නැත.

ඒ (A) ශ්‍රේණියේ රෝහලක කාර්ය මණ්ඩලය දෙගුණයක් විය යුතු බව ද පවසයි. ජනාධිපතිතුමා පොරොන්දු ඉටුකරන විට නැ‍ඟෙනහිර පළාත් සභාව දෙහිඅත්තකණ්ඩිය රෝහලට ලබා දුන්නේ අඩු සැලකිල්ලකි.

සුළු සේවකයන් නැතිව අනිකුත් කාර්ය මණ්ඩල ලැබී ඇති බව රෝහල් උසස් නිලධාරියක් පැවසූ අතර උග්‍ර සුළු සේවක හිඟයක් පවතී. එයින් අපහසුවට පත්වන්නේ අසරණ රෝගීන්ය. සේවකයින් අසූදෙනකුගේ (80) හිඟයක් පවතී.

නැ‍ඟෙනහිර පළාත් සභාවේ සුළු සේවකයන් අතිරික්තයක් පවතින බව වාර්තා වුවද දෙහිඅත්තකණ්ඩිය, පදියතලාව, මහඔය හා ඒ අවට ඇති සිංහල ප්‍රදේශවල සෞඛ්‍ය ආයතනවල උග්‍ර සුළු සේවක හිඟයක් පවතී. නමුත් මඩකළපුව, කල්මුණේ, අක්කරපත්තුව, නින්දවූර් හා ඒ අවට තිබෙන රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සුළු සේවක අතිරික්තයක් පවතී. මෙසේ අඩුපාඩු සපුරා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව මහවැලි සී කලාපයේ පොදු දේපළ සුරැකීමේ සංගමයේ සභාපති, දෙහිඅත්තකණ්ඩිය වකුගඩු රෝගීන් සුරැකීමේ සංගමයේ සභාපති දෙහිඅත්තකණ්ඩිය ත්‍රෛනිකායක භික්ෂු බලමණ්ඩලයේ සභාපති දිඹුලාගල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි මහවැලි සී කලාපයේ ප්‍රධාන අධිකරණ සංඝනායක නිකවනලන්ද පූර්වාරාමාධිපති මොරවක නාරද හිමියෝ පවසති.

දෙහිඅත්තකණ්ඩිය සමූහ 

නව අදහස දක්වන්න